දේශීය පුවත්

හොඳම එන්නත ඉන්දියන්ද? චීනද? රුසියන්ද?

කොවිඩ් මර්දන එන්නත් සහ කොවිඩ් මර්දන එන්නත්කරණය පිළිබඳව සමාජයේ තියෙන ප්‍රශ්න කීපයක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සමග කළ සාකච්ඡාවක් මේ සමග පළවේ.

●මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එන්නත් වර්ග තුනක් ගැන කතා වෙනවා…මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරල එන්නත් වර්ග මොනවාද…?
”ලෝකේ මේ වෙනකොට එන්නත් වර්ග කීපයක් භාවිතා කරනවා…ඒකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරපු එන්නත් තමයි අපි භාවිතයට ගන්නේ….රටවල් වල නැඹුරුතිවයක් තියෙන්නෙ එවැනි එන්නත් වලට…එවැනි එන්නත් 7 පමණ සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතයට ලක් වෙලා තියෙනවා..ෆයිසර් එන්නත ඇමෙරිකාවේ නිෂ්පාදිත දෙවනි එක තමය ඉන්දියාවේ නිෂ්පාදිත අපට පුරුදු ඇස්ට්‍රොසෙනිකා එන්නත ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියලා පාවිච්චි වෙනවා එක මාත්‍රාවක් දෙන එක නමුත් ඒක තාම ලංකාවට ඇවිත් නෑ ඒ වගේම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මේ වෙනකොට 15000ක් දීලා අවසන්…චීනයෙන් ආපු කතා බහට ලක් වෙච්ච එන්නත සයිනොෆාම් එන්නත…මොඩර්නා කියන එන්නත පාවිච්චි කරනවා ඇමරිකාව තුල…මේ වගේ එන්නත් කීපයකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තමන්ගේ අනුමැතිය ලබා දීලා තියෙනවා…”

●සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත නොකරපු නමුත් ඒ ඒ රටවල් වල හදිසි අවස්ථාවන් සදහා භාවිතා කරන මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බලපෑමක් නොවුනු එන්නත් තියෙනවද…?
”එන්නත් රටක් පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා…එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලත්,අනිත් දේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතිය නොලත් නමුත් ඒ රටේ පවතින බෙහෙත් වර්ග අනුමත කරන ආයතන තියෙනවනේ අපේ රටේ නම් තියෙනවා රජයේ ඖෂධ නියාමන කොමිෂන් සභාව ඒ වගේ ආයතන හැම රටකම තියෙනවා…උදාරහණයක් විදිහට ගත්තොත් සයිනොෆාම් කියන එන්නත ඉන්දුනීසියාව,වියට්නාමය වගේ අරාබි රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දෙන්න කලින් ඉදලම පාවිච්චි කලා…ඒක ඒ රටේ ආයතන විසින් දත්ත විශ්ලේෂනය කරලා අනුමැතිය ලබා දෙන ආයතන අනුමත කරලා තියෙනවා…ඊට පස්සේ ස්පුට්නික් එන්නත රුසියාවේ එක ඒකටත් මුලදි අනුමැතිය ලැබිලා තිබුනේ නෑ මුලදි නමුත් රුසියාව පුදුම විදිහට භාවිතා කලා….ඒ වගේ මේ වෙද්දි එන්නත් වර්ග 10ක් විතර අනුමැතිය ලැබිලා නැතත් සුලු වශයෙන් භාවිතා වෙනවා…අර 7ට තමයි මේ වෙනකොට වැඩි ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ…ඒවගේ ප්‍රතිඵල මේ වෙනකොට දත්ත ආශ්‍රිත නිබන්ධන වාර්තා විද්‍යාත්මක වාර්තා ඇවිත් තියෙනවා…ඒ වගේ හොද ප්‍රතිඵලයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා…”
●දැනට ලංකාවේ භාවිතා වන එන්නත් තුන සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදී තිබෙන ප්‍රතිචාර මොනවාද….?
”එන්නතක් අපි භාවිතයට ගන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේෂය යටතේ අවධිකීපයකට පරීක්ෂාවට ලක් වෙලා තියෙනවා…ඒක මුලින්ම සතුන්ට වගේ පාවිච්චි කරලා කුඩා පිරිසකට පාවිච්චි කරලා ඒ වගේ අවධි කීපයක් පසු කරනවා…ඒ අවධි පහු කලාට පස්සේ තමයි මේ බෙහෙත මිනිස්සුන්ට සුදුසුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දෙන්නේ….ඇස්ට්‍රොසෙනිකා ,ස්පුට්නික්,සයිනොෆාම් කියන එන්නත් තුනටම නිසි අවසරය මේ වෙනකොට ලබාදීලා තියෙනවා…භාවිතය තුලින් ඇවිවෙන්නාවූ ප්‍රශ්න සහ කරුණු පිළිබඳ දත්ත ලබාගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ නිසි දත්ත ලැබෙනකල් තමයි රුසියානු සහ චීන එන්නත් පරක්කු උනේ අවසරය දෙන්න…”
●මේ එන්නත් තුනෙන් රෝගය නොවැඳීමේ ප්‍රතිශතය පිළිබඳ තිබෙන සංඛ්‍යා ලේඛන මොනවගේද…?
”ඒ අපි අඳුරන අය නොදන්න අය අපේ නම්බර් හොයාගෙන අහනවා මොන එන්නතද ගහන්නේ කියලා…මේ ප්‍රශ්නේ එනවා එන්නත් කීපයක් රට තුලට ආවාම අපිට උනත් ඇති වෙනවා….හොදම එක ගහන්නනේ හැමෝම බලන්නේ…සමාජ මාධ්‍ය තුල මම දකිනවා තියෙන එකක් ගහගනින් කියලා දාලා තියෙනවා…මේ එන්නත් තුනම ගත්තම ඇස්ට්‍රොසෙනිකා එන්නත තුලින් අපට ලැබෙන ආවරණය 86% විතර ප්‍රමාණයක් තියෙනවා කියලත්,ස්පුට්නික් එන්නතෙත් 91% ක් වගේ,සයිනොෆාම් එන්නතේ 80% – 90% අතර ප්‍රමාණයක් ලැබෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කල නිළ දත්ත වල තියෙනවා කියලා කියනවා…මේ එන්නත් වල දෙවනි මාත්‍රාව දුන්නට පස්සේ ඉතාම සැලකිය යුතු ප්‍රතිශක්ති කරන මට්ටමක් තියෙනවා කියලා දකිනවා…”

●86% හෝ 92% කියන රෝගයනොවැළඳිමේ ප්‍රතිශතය තීරණය වෙන්නේ මාත්‍රා දෙකම ගත්තට පස්සෙද නැත්තම් එක මාත්‍රාවකින් උනත් ආවරණය තියෙනවාද…?
”පළවෙනි මාත්‍රාව ගත්තම 50% විතර ආවරණයක් තියෙනවා කියලා තමයි කියන්නෙ දත්ත අනුව…බලාපොරොත්තු වෙන ප්‍රතිශතය ලැබෙන්නේ දෙවනි මාත්‍රාවෙන් කියල තමයි ඒ අය කියන්නෙ ඒක තමයි මාත්‍රා දෙකක් නිගමනය කරල තියෙන්නේ…මේ වෙනකොට මාත්‍රා තුනක් දෙන්න වෙයිද කියලා කතාබහවල් ඇතිවෙනවා විද්‍යාඥයන් අතර ඒ කොහොම උනත් මාත්‍රා දෙකෙන් හොද ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා….”
●එන්නත් වලින් රෝගය නොවැළදෙයි කියලා දත්ත ලබා දෙන්නේ මොන ආයතනයෙන්ද….?
”මිලියන වශයෙන් තමයි මේ එන්නත් පිවිච්චි වෙන්නේ…මේ වෙනකොට මිලියන වශයෙන් ගත්තොත් දාහකට අධික මාත්‍රා ප්‍රමාණයක් ලෝකයේ භාවිතා කරලා තියෙනවා…ඒ දත්ත මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දුන් දත්ත මත පදනම් වෙලා තමයි මේ ප්‍රතිශතයන් ලබා දීලා තියෙන්නේ….”
●මේ එන්නත් දෙකම ලබා ගැනීමෙන් පසුව තමයි මේ එන්නතේ නිසි ප්‍රයොජනයක් ලැබෙන්නේ…?
”එක් මාත්‍රාවක් ලබා දීමෙන් අපේ ශරීරය තුල යම් ප්‍රතිශතයක් නිපදවෙනවා…ඒ ප්‍රතිශක්තිකරණය නිපදවීම තුලින් වයිරසය වැලඳීමේ හැකියාවත්,වැළඳුනාම යම් සංකූලතාවයකට යන හැකියාව සෑහෙන්න දුරකට වැළකෙනවා…නමුත් දෙවනි මාත්‍රාව ලබාගත්තම තමයි බලාපොරොත්තුවෙන මට්ටමට එන්න පුළුවන්….”
●මේ මාත්‍රා දෙක අතර තිබිය යුතු අවම කාලය සහ උපරිම කාලය කොපමණද?
”එන්නත අනුව වෙනස් වෙනවා…ඇස්ට්‍රොසෙනිකා එන්නත ගන්න කියන්නේ සති 10කට පස්සේ…මාස දෙකක් තුනක් ඇතුලත….මේ ළඟදී වාර්තාවල තිබ්බා මාස 4ක් උනත් ප්‍රතිශක්තිකරණයක් තියෙනවා කියලා…ඉතුත් උනොත් ප්‍රතිශක්තිකරණය අඩුවෙනවා තමයි කියන්නේ…අවශ්‍ය මට්ටමය ගැනීම සදහා තමයි අපි දෙවනි මාත්‍රාව ලාබා දෙන්නේ…දෙවනි එක දුන්නේ නැත්තම් ප්‍රතිශක්තිකරණය පහළට බහිනවා…ස්පුට්නික්,සයිනොෆාම් කියන එන්නත් දෙකත් මාසයක් කියලා තමයි විද්‍යාත්මක තොරතුරු වල තියෙන්නේ….”
●ඇස්ට්‍රොසෙනිකා එන්නත ගත්ත අයට තව ටික කාලයයි තියෙන්නේ දෙවන මාත්‍රාව ලබාගන්න..ඒකෙන් කියන්නේ මොවුන් යලිත් කොවිඩ් රෝගයට ගොදුරුවෙයිද…..?
”කොවිඩ් එන්නත ප්‍රතිඵල දෙකක් බලා පොරොත්තුවෙන් තමයි දෙන්නේ…එකක් තමයි පැතිරීම වලක්වාගන්න,දෙවනි එක තමයි බෝඋනාම සංකූලතා වලට යාම අඩු කිරීම….ඒ කියන්නේ මරණ සංඛ්‍යාව පැහැදිලිවම අඩු වෙනවා…හැදුනත් අමාරුවෙන්නේ නෑ…මේ එන්නත දැන් ගොඩක්ම ගන්නකියන්නේ හැදුනත් අමාරු වෙන්නේ නෑ කියලා…ඒ ගැන 95% ඉදලා 100% දක්වා සහතිකය ලබා දෙනවා…එක තමයි බලපාන්නේ…ඒ නිසා ඒ නිසා දෙවනි එක පරක්කු වීම තුලින් හැදීමේ හැකියාව වැඩිවෙනවා වගේම දෙකක් ලබා දුන්නම ලැබෙන ප්‍රත්ශක්තිය නැති වීමක් වෙන්න පුළුවන්…..”
●තවත් අය අහන කාරණාවක් තමයි මේ එන්නත් පළමු ප්‍රභේදය සඳහා නිපදවූ මේ එන්නත් දැන් වෙද්දි විවිධ විවිධ ප්‍රභේද හමු වෙනවා මේ ප්‍රභේද වලට කොහොමද මේක බලපාන්නේ….?
” මුල් කාලයේ එන්නත් හැදුවේ මුල් කලයේ තිබ්බ ප්‍රභේද වලට කොහොමද බලපාන්නේ කියලා බලලා…මේ හදන එක එන්නතකවත් සජීවී වයිරසය නෑ…ඒ වයිරයෙන් යම් යම් කොටස් අරගෙන තමයි ඒ වයිරසයට ක්‍රියාත්මක යම් යම් ප්‍රතිදේශ නිපදවන ක්‍රමවේදය හදලා තියෙන්නේ…ඒ ක්‍රමවේද වලින් දැන් තියෙන වයිරස් ප්‍රබේදයට සැලකිය යුතු යම්කිසි ආවරණයක් ලැබෙනවා… විශේෂයෙන්ම වයිරසය වැළඳුනාම මාරාත්තික තත්වයකට පත් වීම වැලකෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය දත්ත තුල පවා සඳහන් වෙනවා..දැනට තියෙන ප්‍රබේද වලට එහෙම කියනවා අපි දන්නේ නෑ වයිරස් කියන්නේ ගොඩාක් වෙනස් වෙන වර්ගයක්…සම්පූර්ණයෙන්ම එයාගේ ව්‍යුහය වෙනස් වීමකට ගියේ නැතිනම් දැන් තියෙන එන්නත් වලින් පැහැදිලි රැකවරණයක් ලබාගන්න පුළුවන්….”
●එන්නත ලබාගත්තට පස්සේ එන්නතේ බලය මොනතරම් කාලයක් තියෙනවාද…?
”ඒ ගැන විශාල තොරෙතුරු ලබාගන්න කාලයක් තවම ලැබිලා නෑ…දැනට තියෙන දත්ත අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පැහැදිලිවම මාස 6 ක කාලයක් මේ තුලින් ආරක්ෂාව ලැබෙනවා ඔවුන් මේ වෙද්දි දත්ත රැස් කරලා තියෙනවා කොච්චර කාලෙකට මේදේ ප්‍රතිශක්තිකරණය පවතිද කොයි වගේ අවස්ථාවක් ප්‍රතිශක්තිකරණය හීනවීමක් වෙයිද කියලා…ඒ නිසා ඔවුන් කල්පනා කරනවා ප්‍රතිශක්තිකරණය හීන වීම තුලින් තුන්වන මාත්‍රාවකට යන්න වෙයි කියලා..”

●සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය ඇමතිනිය සදහන් කර බව පුවත් පතක් පල උනා සහ ඇතැම් මාධ්‍ය වල පලඋනා එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන මාස තුනකට පසුව ගියාට පස්සේ තමයි ඒ එන්නතෙන් රෝගය නොවැඳීම බලාත්මක වෙන්නේ ඒක වෛද්‍යවිද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙවද…?
”එන්නත් තුනම සම්බන්ධයෙන් තොරතුරු විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් සදහන් කරන කාරනය තමයි දෙවනි මාත්‍රාව දීලා සති දෙකක් යනකොට ප්‍රතිශක්තිකරණය වැඩිවීමක් දක්නට ලැබෙන්නේ සති දෙකක් හතරක් ඇතුලත බලාපොරොත්තු ප්‍රතිශක්තිකරණයකට ලක්වෙන්න පුළුවන්…අද එන්නත ගහලා හෙට ඉදන් රෝගය වැළඳෙන්නේ නෑ කියන මතයට යන්න බෑ….”
●එන්නත ලබාගෙන විවිධ ආසාද්මිකතා ඇතිවෙන්න පුළුවන් නිසා සමහරු එන්නතට බයයි…ආසාද්මිකතා ඇතිවීමේ ප්‍රතිශතය සහ සම්බාවිතාව මොනවගේද….?
”මේ එන්නත් නිපදවූ ආයතන කියනවා දරුණු මට්ටමේ ආසාද්මිකතා ඇතිවීම ඉතාම අවම මට්ටමේ තියෙන්නේ කියලා….මිලියන ගණනාවකට දෙකක් තුනක් වගේ තමයි මේ වන විට දක්නට ලැබෙන්නේ…ඒක ඉතාමත්ම කලාතුරකින් ඇතිවන තත්වයක්…ලංකාවේ එන්නත්කරණය කරන මධ්‍යස්ථාන වල යම්කිසි හෙයිකින් ආසාද්මිකතාවක් ආවොත් රෝගයාට කරදරයක් නොවෙන්න අවශ්‍ය පහසුකම් සලසලා තමයි ඒ කාර්යන් කරන්නේ…ඒ වගේම අවශ්‍ය උනොත් රෝහලකට ඇතුල් වීම සදහා අවශ්‍ය කටයුතු සලසලා තියෙනවා…”
●ආසාද්මිකතා නිසා යම් පුද්ගයන් මියගියා කියලා වාර්තා උනා…ඒ පිලිබඳ නිවැදි වාර්තා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබිලා තියෙනවාද….?
”මිලියන 10කට එකක් දෙකක් එවැනි දේවල් වාර්තා වෙලා තියෙනවා ලෝකේ…ලංකාවේ 6 දෙනෙක් විතර වාර්තා උනා ඒ ආසාද්මික තත්වයකට වඩා රුධිරය කැටි ගැසෙන ප්‍රවණතාවයක් තියෙනවා එන්නත් ලබා දුන්නම…ඒවා දැන් මේ වෙනකොට සොයාබලමින් යනවා එන්නත නිසාද මේක උනේ කියලා…ඒ කෙන් තුන්දෙනෙක් පමණ විශ්වාස කරනවා එන්නත නිසාම උනා කියලා…නමුත් ඒ සියලුම දේවල් තවම අධ්‍යන මට්ටමේ තියෙන්නේ…එන්නත ලබා නොදීම තුලින් කොවිඩ් වැලඳීමෙන් වෙන්න පුළුවන් හානිය සුළු සිද්දියක් හිතලා එන්නත නොගෙන ඉන්න එක අපරාධ තත්වයක් ඇත්තටම භයානකයි….ඒනිසා එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි…”
●මේ වෙද්දි 136000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වැලඳිලා අවසානයි…කොවිඩ් වැලඳුනු අයට මේ එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවද..?
”කොවිඩ් වැලඳුනාම ඒ වයිරස් එකට විරුද්ධව අපේ ඇඟේ ප්‍රතිදේහ නිපදවෙලා තියෙනවා…නමුත් ඒ ප්‍රතිශක්තිය කොතරම් කාලයක් පවතිනවද කියන එකේ ගැටළුව තියෙනවා…ප්‍රතිශක්තිය ඉවර උනොත් නැවත වැළඳීමේ හැකියාව තියෙනවා..ඒනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙ රෝගය වැළඳිලා සුව උනත් යම් කාලයක් ගියට පස්සේ එන්නත ලබාගන්න කියලා තමයි දැනට තියෙන උපදෙස්…”
●කොච්චර කාලයක් ගියාට පස්සේද කොවිඩ් රෝගියෙක් මේ එන්නත ලබාගත යුත්තේ…?
”සාමාන්‍යයෙන් කියන්නේ සනීප වෙලා සති දෙකක් වගේ කාලයක් ගිහිල්ලා ලබාගන්න කියන එක තමන්ට වෙන අපහසුතා නැත්තම්…”
●කොවිඩ් එන්නතේ දීර්ඝකාලීන අතුරුආබාධ ගැන කතාබස් තියනවා…ඇත්තටම ඒ පිළබඳව පර්යේෂණ ප්‍රතිඵල මොනවාද….?
”දීර්ඝකාලීන අතුරුආබාධ සම්බන්ධයෙන් අපට තියෙන ගැටළුව තමයි දත්ත මදි කම…මොකද දැන් දෙන්නපටන් අරන් වැඩි කාලයක් නෑනේ…දැනට තියෙන දේවල් වලින් රුධිරය කැටිගැසීමේ තත්වය ආවා නමුත ඊට අමතරව ස්නායු සම්බන්ධ රෝග වැනි රෝග වාර්තා වෙනවා සමහර මාත්‍රා වලට…ඒවා ඉතාමත්ම විරලකාරණා…එවැනි දේවල් නිසා අපි එන්නත්කරණයේ කිසිම වෙනසක් කරන්නේ නෑ…ඒක තමයි ක්‍රමවේදය….”
●මොඩර්නා එන්නත තමයි මෑත කාලයේ ප්‍රසිද්ධියට පත්වෙච්ච කාරණාව…මේ එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය වල කතාබහක් යනවා එහි යම් ආකාරයක ජෛව විකෘතිමය සංඝටකයන් යොදලා මේ එන්නත නිර්මාණය කරලා තියෙනවා අනාගතයේදී මිනිසාට දැඩි අහිතකරබලපෑම් ඇතිවෙන කියලා…මේක තහවුරු වෙච්ච කාරණාවක්ද…?
” මේ එන්නත හදලා තියෙන්නේ අලුත් ක්‍රමවේදයකට…දියුණ් ක්‍රමවේදයකට හදලා තියෙන්නේ ඒ කියන්නේ ජාන වල තියෙන හැකියාවන් පාවිච්චි කරමින් අපේ ජාන තුලින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන දියුණු ක්‍රමයකට තමයි හදලා තියෙන්නේ….ජාන සම්බන්ධ කාරණයක් නිසා ඒ නිසා මේ නිසා ජානමය වෙනස්කම් වලට ලක්වෙලා යම් උපකරණයක් විසින් මිනිසාව පාලනය කරන්න පුළුවන් තැනට පත් වෙයි කියලා කියනවා…එවැනි දේවල් වෛද්‍යවිද්‍යාත්මක ගත්තම බොහොම විරල කාරණා….වෛද්‍ය විද්‍යාවට ආචාරධර්ම පද්ධතියක් තියෙනවා අපට කිසිම විදිහකින් කෙනෙකුට හානියක් කරන්න බෑ….එවැනි දෙයක් වෛද්‍යවිද්‍යාවේ සිදුවෙයිද කියන එක අපට කියන්න අමාරු කාරණාවක්…”

Back to top button