ක්‍රීඩා පුවත්

මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය ගැන මහේල මුහුණු පොතේ දැමූ සටහන

මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 05 වන වරට මෙවරත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකර ගත්තා.
මහේල ජයවර්ධන යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 3 කදී අයි.පී.එල්. ශුරතාව දිනාගැනීමට සමත්වුණා.
ඒ 2017 , 2019 , 2020 යන වසරවලදී. – ඒ වගේම 2018 වසරේ 5 වන ස්ථානය දිනාගැනීමටත් සමත්වුණා.
ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලියේ මෙවර අවසන් සටනට පිවිසුනේ IPL තරඟ ඉතිහාසයේ සාර්ථක කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් සහ කුළුදුල් IPL අවසන් තරඟයට එක්වුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

 

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සිව්වරක් IPL කුසලානයේ පහස විඳගත් මුම්බායි කණ්ඩායම අවසන් සටනට එක් වූ අතර  දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙම තරඟයට පිවිසුනේ මෙවර තරඟාවලියේ ලාබාලතම නායකයා වන ශ්‍රියස් අයියර් පෙරටු කර ගනිමිනුයි.
අවසන් මහා තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 05කින්.
මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් දිල්ලි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ආරම්භය සාර්ථක කර ගැනීමට ට්‍රේන්ට් බෝල්ට් ඉඩ ලබානොදුන්නේ ආරම්භක පිත්කරු ලෙස පිටියට පිවිසි මාක්ස් ස්ටොයිනිස් ලකුණු ලබා ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රියස් අයියර් නොදැවී ලකුණු 65ක් රැස්කළ අතර ඔහු සමඟින් එක්වූ රිෂාබ් පාන්ට් ලකුණු 56ක් රැස්කමින් දිල්ලි ඉනිම ගොඩ නැගුවා.
දිල්ලි ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 07කට ලකුණු 156ක් ලෙසයි.
පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට් කඩුලු 03ක් බිද දැමූ අතර නේතන් කොල්ටර් නයිල් කඩුලු 02ක් බිද දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
මුම්බායි පිල ජයග්‍රහණය සඳහා රැගෙන යාමට මූලික වූ රෝහිත් ශර්මා ලකුණු 68ක් රැස් කළා.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 05වන වරටත් IPL ශූරතාවයේ පහස විඳගත්තා.
මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු කිරුළ අතැතිව සිටින ඡායාරූපයත් සමග සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

 

එම සටහන සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුට සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button