ක්‍රීඩා පුවත්

IPL වසන්තයට දින නියම වේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 8 වනදා පැවැත්වෙන බවයි අයි.පී.එල් සංවිධායක කමිටුවේ සභාපති Brijesh Patel සදහන් කළේ.

AV Rase

තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට අවසර ඉල්ලා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රජයට යොමු කළ ලිපියට ද මේ වන විට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව සදහන්.

අයි.පී.එල් තරගාවලි සංවිධායක කමිටුවේ මීළග රැස්වීමේ දී මෙවර තරගාවලියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button