IPL පළමු තරඟයෙන්ම ගිය වසරේ ශුරයන් අනුශුරයන් හමුවේ පරාජය වෙයි

Last year's champions lost to runners-up in the first match of the IPL

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ ඊයේ (19) රාති‍්‍රයේ පැවති පළමු තරඟයෙන් වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමට වත්මන් අනු ශූරයින් වන චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ අබුඩාබිහිදී වන අතර කිසිදු පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයකින් තොරව එය පැවැත්වීමද විශේෂත්වයක්.

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තරඟාවලිය අබුඩාබිහිදී පැවැත්වෙනවා.

ඊයේ රාති‍්‍රයේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ලකුණු 71 ක් රැස් කළ අම්බති රයිදු තරගයේ වීරයායි.

Exit mobile version