ක්‍රීඩා පුවත්

IPL තරඟාවලියේ පුහුණුකරුවෙකුටත් කොරෝනා ආසාධනය වෙයි

IPL තරගාවලිය සඳහා සහභාගි වන ප්‍රධානම කණ්ඩායමක් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන දිශාන්ත් යග්නික් හට කොරෝනා වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙවර IPL තරගාවලිය පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යෑමට දිනකට පෙර සිදු කරනු ලැබූ කොවිඩ් වයිරස ආසාදන පරීක්ෂාවකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වන දිශාන්ත් යග්නික් (Dishant Yagnik) මෙලෙස කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

AV Rase

කෙසේ නමුත් මෙහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලද කොවිඩ් වයිරස ආසාදනය සඳහා පරීක්ෂා සිදුකර තිබුණද ඔවුන් කිසිවකු වයිරස ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බවද අදාල වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය දින 10 තුළදී රාජස්ථාන් රෝයල්ස් පිලේ කිසිවකු සමඟින් දිශාන්ත් සමීප ඇසුරක් පවත්වා නොතිබීම හේතුවෙන් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු වීම අනවශ්‍ය බව වෛද්‍ය මතය වී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button