ක්‍රීඩා පුවත්

අවසන් ටෙස්ට් තරඟ සඳහා ඉන්දීය සංචිතය නම් කෙරේ

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර තිබේ.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්ය.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 227කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ලකුණු 317කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වු අතර ඒ අනුව තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 1ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

කෙසේවෙතත් අවසන් ටෙස්ට් තරග දෙක සඳහා විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය ඊයේ නිවේදනය කළේය.

එම සංචිතය සඳහා උමේෂ් යාදෙව් කැඳවා ඇති අතර ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණදීමෙන් පසුව සංචිතයට කැඳවා තිබේ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ සිව්වන ටෙස්ට් තරග අහ්මදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

Back to top button