Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

රන් පදක්කම් 4 ක් හිමි ඉන්දීය මළල ක්‍රීඩා තරුව මිල්කා සිං කොරෝනාවෙන් මියයයි

සිව් වතාවක් ආසියානු මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභියෙකු වූ “පියාඹන සික්” ලෙස නම් කර ඇති ඉන්දීය මළල ක්‍රීඩා තාරකාව මිල්කා සිං කොරෝනා රෝගයට ගොදුරුවී උතුරු ඉන්දියාවේ චන්දිගාර්හි රෝහලකදී අභාවප්‍රාප්ත විය.
1958 දී මීටර් 400 අංශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු ඉන්දීය ක්‍රීඩකයා සිං ය.
ඉන්දියාවේ ප්‍රථම ක්‍රීඩා සුපිරි තරුව සහ රටේ වඩාත්ම කීර්තිමත් මලල ක්‍රීඩකයාලෙස නම් කර තිබෙන ඔහු කුඩා කල අතිශය දුෂ්කර ජීවිතයක සිට දියුණුවට පත්ව ඉහළට ආ හැටි ගැන එරට මාධ්‍ය තුළ ප්‍රකටය.

ඔහුගේ ජීවිත කතාව
“භාග් මිල්කා භාග්” නමින් 2013දී බොලිවුඩ් චිත්‍රපටයක් සඳහාද විෂය විය.
මිල්කා සිං ජාතික වීරයෙකු ලෙස එරට සලකන අතර වයස අවුරුදු 91 දී COVID රෝගයෙන් මියගියේය.
හිටපු වොලිබෝල් ශූරියකවූ ඔහුගේ බිරිඳ නිර්මාල් කෞර් දින කිහිපයකට පෙර මෙම වෛරසයෙන්ම මිය ගොස් තිබුණ අතර මියයනවිට ඇයගේ වයස අවුරුදු 85 කි.

ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඉන්දියානු කාන්තා ටෙනිස් තරුවක වන සනියා මිර්සා මෙන්ම මලල ක්‍රීඩකයාගේ චරිත නිරූපණය වෙනුවෙන් සම්මාන දිනාගත් චිත්‍රපටයේ ප්‍රධාන නළු ෆර්හාන් අක්තාර් ඇතුළු අය පණිවුඩ නිකුත් කර ඔහුගේ විශිෂ්ටත්වය ගැන අගයා තිබේ.

admin

Recent Posts

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

4 weeks ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago

අපේ අම්මා කියන්නේ බදින්නත් එපා දරුවො හදන්නත් එපා කියලා – කේ.සුජීවගේ දුව අංජලී

ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉතින් ‘ඉගි මරන…

2 months ago