විදෙස් පුවත්

ලොව කොරෝනා ආසාදිතයන්ගෙන් 46% ක් ඉන්දියාවෙන්

ඉන්දියාවෙන් ඊයේ (05) දිනයේ දෛනික කොරෝනා ආසාදිතයින් 412,618 ක් වාර්තා වී තිබෙනවා. දෛනික මරණ 3982ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 230,151ක් ලෙස සටහන් වුණා. ඉන්දීය වාර්තා සදහන් කළේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඊයේ දිනය තුළ පමණක් මරණ 920ක් වාර්තා වී ඇති බවයි. ලොව ආසාදිතයින්ගෙන් 46% ක් ඉන්දියාවෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන් කියා සිටියේ ලොව මරණවලින් හතරෙන් එකක් එනම් 25% ක ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වීම භයානක තත්ත්වයක් බවයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button