දේශීය පුවත්

ඉන්දියානු COVID-19 නව ප්‍රභේදය රටවල් 44 ක

ඉන්දියාවෙන් හමු වූ COVID-19 නව ප්‍රභේදය (B.1.617) මේ දක්වා ලොව පුරා රටවල් 44 කින් හමු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. මෙම ප්‍රභේදය ඉන්දියාව තුළ ප්‍රථම වරට හඳුනාගැනුනේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක වන ලොව කලාප 6ක් වෙත ඇතුළත් රාජ්‍යයන් 44කගෙන් ලබාගත් සාම්පල 4,500කට වඩා වැඩි සංඛ්‍යාවක් පිළිබදව සිදුකළ අධ්‍යයනයකින් මෙම හදුනාගැනීම සිදුකර තිබේ. මීට අමතරව තවත් රටවල් පහකින්ද මෙම නව ප්‍රබේදය පිළිබදව ලක්ෂණ වාර්තා වී ඇතයිද ලෝක සොබා සංවිධානය පවසයි.ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිකුත්කළ නිවේදනයට අනුව ඉන්දියාවේ හඳුනාගත් මෙම නව ප්‍රභේදය මුල් වරසය හා සැසදීමේදී වඩාත් දරුණු අවස්ථාවක් බවට පවසා තිබේ. එහිදී මෙම ප්‍රභේදය ඉතාමත් වේගයෙන් සම්ප්‍රේෂණය වන මාරාන්ත්‍රික මෙන්ම, ඇතැම් විට එන්නත්වල ආරක්ෂාවෙන් මිදීමට හැකියාවක් ඇති ප්‍රභේදයක් බවටද කරුණු සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button