ක්‍රීඩා පුවත්

ඉන්දියාව පළමු 20-20 තරඟය ජයගනී

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති පළමු 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු 11ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

තරඟය පැවැත්වුණේ කැන්බරා හිදීය.

AV Rase

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 161 රැස කළේය. කේ එල් රාහුල් ලකුණු 51යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සත්කාරක කණ්ඩායමට රැස් කළ හැකිවුයේ කඩුලු 7ක් දැවී ලකුණු 150ක් පමණි.

පන්දු යැවීමේදී යුශ්වේන්ද්‍ර චහාල් සහ තන්ගරාසු නට්‍රාජන් කඩුලු 3 බැගින් හිමිකර ගත්හ.

මේ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 44ක් ලබාගත් රවීන්ද්‍ර ජඩේජා ගේ හිසේ පන්දුව වැදීම හේතුවෙන් පන්දු රැකීමට පිටියට පිවිසියේ නැත.

ඒ වෛද්‍ය උපදෙස් අනූව ය. ඔහු වෙනුවට “Concussion substitute – ආදේශකයා” ලෙස පිටියට පිවිසියේ චහාල් ය.

චහාල් මෙම තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී එවැන්නක් සිදුවුයේ පළමුවරටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button