විදෙස් පුවත්

ඉන්දියාව රතු ලැයිස්තුවට

බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල ඇතුළත් “රතු ලැයිස්තුව” ට ඉන්දියාවද ඇතුළත් කර තිබේ.ඉන්දියාව තුළ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය ගත් බව එරට සෞඛ්‍ය ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින සිට පසුගිය දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යට ඇතුළු වීම තහනම් කර තිබේ.කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට හෝ බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට අයිතිය ඇති පුද්ගලයින්ට රටතුළට ඇතුළු වීමට අවසර ලබාදෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.එලෙස පැමිණෙන පුද්ගලයින් ද බ්‍රිතාන්‍ය රජය විසින් අනුමත කරන ලද හෝටලක දින 10ක් නිරෝධායනයවීම සිදුකළ යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ඉන්දීය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 103 දෙනෙක් මේවන විට බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.එසේ හමුවී ඇති ආසාදිතයින් බහුතරයක් විදෙස්ගත ව සිට පැමිණි අය බව වාර්තා වේ.එම නව ප්‍රභේදය B.1.617 නමින් හඳුන්වයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button