බස්නාහිර විවෘත කිරීමේ වැදගත්කම බැසිල් අවධාරණය කරයි

ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායකවන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන්වලින් ප්‍රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවද ඔහු එහිදී පැවසීය.

“මෙහි ඉන්න මහජන නියෝජිතයින්ගෙනුත්, ප්‍රජා නායකයින්ගෙනුත් සියලූම රජයේ නිලධාරින්ගෙනුත් හැම මට්ටමින්ම අපිත් එක්ක එකතුවෙලා මේ රට ගොඩනඟමු. විශේෂයෙන් අපි කේන්ද්‍රස්ථානයක ඉන්නේ. ලබන වර්ෂය තමයි අපේ වැනසීම හෝ සැනසීම තියෙන්නේ. බස්නාහිර පළාත කියන්නේ මේ රටේ ම ප්‍රධානම පළාත හැටියට කියන්න පුළුවන්. මෙහෙ යම්කිසි දෙයක් සිදුවුවහොත් එය මුළු ආර්ථිකයටම බලපානවා. මම බස්නාහිරට ආවේ රටේ සියලුම පළාත්වලට ගිහින්. ඒ සියල්ලට වැඩිය අපේ රටේ ආර්ථිකය ඉදිරිගමනත් ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ බස්නාහිර පළාතෙන්.“

Exit mobile version