දේශපාලන පුවත්

මා මෝ’ඩයෙක් නොවේ.. මට පි’ස්සු නෑ…බන්ධනාගාරවලට ගියා තමයි..! – ලොහාන් මාධ්‍ය අමතයි..

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එම බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා පෙර දැනුම්දීමකින් තොරව තමන් එහි ගිය බවද ඔහු කියා සිටී.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ට තමන් ත’ර්ජන නොකළ බව පැවසූ ඔහු එසේ කරන්නට තරම් තමන් මෝ’ඩයකු නොවන බවද සාමාන්ය පරීක්ෂණයක් සඳහා පමණක් එහි ගිය බවත් ඔහු පවසයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹිම සදහා තමා සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස සහභාගී වූ නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමග එක් නොවූ බවත් ඔහු කියයි.

විෂයභාර අමාත්‍ය වරයා ලෙස තමන්ට රට පුරා ඇති බන්ධනාගාර විසිනවයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක යාමට හැකි බවත් තමන් කිසිවකුට නොදන්වා එහි ඇතුළු වන්නේ ඒවායේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් ඔහු සදහන් කලේය.

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැහැදිලි කරන බවත් පවසන ඔහු මැණික් සහ ස්වර්ණාභාරන ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග අදහස් පල කරමිනි.

ලොහාන් හිරේ දැමිය යුතු බව ආණ්ඩුවෙන්ම කියයි.. ජනපති, අගමැති තීන්දුවක් ගනීලු..!

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පි’ස්තෝ’ලයක් පෙන්වා බියවැද්දූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් කළ විමසීමකට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රතිචාර දන්වයි.

කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා ද’ණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළ ම නතර කිරීම සුදුසු බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවක මෙවන් සිදුවීම් සිදුවීම නුසුදුසු දෙයක් බව ද ඔහු පැවසීය.

මෙවන් කටයුතු මහජන නියෝජිතයකුට උචිත නොවන බව පැවසූ ඔහු ජනාධිපති අගමැති මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයිද කියා සිටියේය.

පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

Back to top button