ගොසිප් පුවත්දේශපාලන පුවත්

මා කිසි අවස්තාවක බී’ ම’ තින් ගිහින් නෑ.. අඩුමගානේ ෆෝන් එකවත් අරන් ගිහින් නෑ..මට මඩ ගහනවා..- ලොහාන්

රටපුරා බන්ධනාගාර විසිනවයක් හා පුනරුත්තාපන මධ්‍යස්ථාන 02ක් ඇති බවත් ඒ කිසිදු බන්ධනාගාරයකට තමන් ගි’නි අ’වියක් තබා තම දුරකථනය වත් රැගෙන නොගිය බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම කිසිදු අවස්ථාවක තමන් බී’ ම’ තින් කිසිම බන්ධනාගාරයක් තුළට නොගිය බව ද අමාත්‍යවරයා කියා සිටියි.

තමන් බන්ධනාගාරය තුළට යන දර්ශන තිබේ නම් හෙළිදරව් කරන ලෙසත් ඒවා කිසිවෙකුට මකා දැමිය නොහැකි බවත් ඔහු පවසයි.

තමන් සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය ඒවා බවත් කිසිවෙකු විසින් හෝ පසුපස සිට තමන්ට විරුද්ධව ම’ඩ ප්‍’රහාර එල්ල කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියි.

සිරස රූපවාහින සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Back to top button