දේශීය පුවත්

ඕලෙවල් පාස් වෙයි කියල හිතුවෙවත් නෑ එත් අන්තිමේදී උපාධියෙන් නතර වුනේ -ගරාජ් ආනන්ද

●ජීවිතය චිත්‍රපටයක් නොවුනට චිත්‍රපටය,කලාව ජීවිතය කරගත් මිනිසුන් ඉන්නවා අප සමඟ අද අපේ මේ කතාබහ එවන්කෙනෙකු සමඟයි…මේ ඒ චරිතයයි ධර්මප්‍රිය ඩයස්….හරියටම ගත්තොත් දැන් මේ කාලේ ධර්මප්‍රිය ඩයස් කියන නමට වඩා කතා කරන්නේ මොන නම කියලද….?
”ටෙලිනාට්‍ය වල තියෙන චරිත වල නම් වලින් කතා කරනවා…ආනන්ද කියනවා,මේ අළුත්ම colombo කියන චිත්‍රපටයේ ජූඩ්ගේ චරිතය ආදරයෙන් වැළඳගෙන කතා කරනවා ඒ නමින්…”
●දෙවනි ඉනිමේ ගරාජ් ආනන්ද ගැන කිව්වනේ…ඒක මුළු රටම වැළඳගත්ත චරිතයක්…මේ දෙවනි ඉනිමට විවිධ ගල් මල් ප්‍රහාර එල්ල උනා….ඔබටත් මේ දෙයින් බලපෑවක් ආවද…?
”ඔව්…සමහරු කෙලින්ම කියනවා ඕකෙන් අයින් වෙන්න කියලා…සමහරු බොහොම ආදරයෙන් නොකියා කියනවා…සමහරු රැල්ලට කියනවා…සමහරු විශ්වාස කරනවා මේවගේ දේකට සම්බන්ධ වෙලා ඉදීමෙන් නළුවෙක් හරි නිළියක් හරි ක්ෂය වෙලා යනවා කියලා…මට කවදාවත් එහෙම දෙයක් හිතිලා නැති නිසා මම ඒ ආනන්ද චරිතය නිරූපනය කරමින් ඉන්නවා..”
●නළුවෙක් වෙන්න උවමනාව එන්නේ කාව දැකලද..? මොකක් නිසාද…?
”මට මතක විදිහට මට අවුරුදු පහේ හයේ කාලේ ගමේ අවුරුද්දකට සැරයක් වැව මැද්දේ කැස්බෑව කියන ගමේ නාට්‍ය පෙන්නනවා…මම අදටත් ඉන්නේ එහේ….මේකේ ඉන්නවා හරි අපූරු චරිත රජ කුමාරවරු,රජවරු ඉන්නවා මේ සේරම ගමේම අය තමයි..රජ්ජුරුවන්ට රඟපාන අයියා මුළු අවුරුද්දම ගොඩාක් දිගට රැව්ල වවාගෙන ඉන්නවා…එයා වැඩට යන්නේ පාපැදියෙන් උදේට හවසට අපේ ගේ ගාවින්..ඒ නාට්‍ය බැලුවට පස්සේ මම බලන්නේ අන්න රජ්ජුරුවො යනවා කියලා..එයා අර පාපැදියෙන් යනකොට කලිසමේ යට මජන් ගෑවෙනවට රබර්පටියක් දාගෙන යන්නේ මම ඒකත් බලන් ඉන්නවා…මට හොදට මතකයි සුදු කොන්ඩේ බොකුටු අයියා කෙනෙක් ඉන්නවා මම දන්නවා නගරසභාවේ ට්‍රැක්ටරය එලෙව්වේ කියලා…
ඒ ට්‍රැක්ටරය එලවපු එයා දැන් මේකේ රජ කුමාරයා…මේක මහ පුදුම වැඩක්නේ කියලා හිතමින් ඉදලා තියෙන්නේ ඒ කාලේ ඉදලම…ඒ කාලේ ඉදලම නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ කොහොමද,මගේ වයසේ ළමයි ඒවගේ රඟපානකොට මාව පේන්නේ නැත්තේ ඇයි,මාව ගන්නේ නැත්තේ ඇයි ඒ වගේ දේවල් ඊර්සියාවක් ඇතිවෙලා තියෙනවා…කවදාහරි දවසක මාව නාට්‍යයකට ගත්තොත් ගන්න කියලා පොඩි ජටා,කරාබු වගේ දේවල් එකතු කරගෙන තියාගෙන ඉදලා තියෙනවා…ඒවගේම මම ඒවා අරගෙනත් තියෙනවා…මට මතකයි රතුපාට රෙදි කෑල්ලක් නලින් ජන්ස්ටන් මාපිටිය වදකයෙකුට රඟපෑවා අපේ දහම් පාසලේ ඒකෙද මම දුවලා ගිහිල්ලා මම අරන් තියාගත්ත රෙදි කෑල්ල දුන්නම ඒක ප්‍රයොජනයට ගත්තාම මට මාර සතුටුයි…”
●ඔබේ පාසල…?
”කොලමුන සර් ජෝන් කොතලාවල තමයි ඉස්සෙල්ලාම ගියේ..ඊට පස්සේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ගියා නාට්‍ය කරන්න උවමනාවටම…ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුවරයා යටතේ තමයි මම නාට්‍ය හැදෑරුවේ…”
●නළුකම අල්ලගන්න කාපු කට්ට කෙහෙන්ද අල්ල ගත්තේ…කොහෙන්ද හරි ගියා කියලා තේරුනේ…?
”උසස්පෙළට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ගියාම නාට්‍ය කරන්නම තමයි ගියේ…ආරංචියක් ආවා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ නාට්‍යකියලා වෙනම subject එකක් තියෙනවා කියලා ආරංචි උනා..මම එතකොට හිතුවා මේක මරුනේ හැමදාම නාට්‍ය කර කර ඉන්න පුළුවන් කියලා…මම ඒ වෙද්දි O/L වලින් පස්සේ ඉගෙනීම අතහැරලා තිබ්බේ…මම ඒ දවස් වල ගෙදර හදන්න බ්ලොක් ගල් ගගහා හිටියේ අතින් ලෑලි අච්චුවකින්…මම o/L ඉවර වෙලා ප්‍රතිඵල බලන්න පැත්තකවත් ගියේ නෑ…අපිට චැලි බයික් එකක් තිබ්බා මේකේ අපේ අයියා යන ගමන් ඉස්කොලෙන් මගේ ප්‍රතිඵල බලන් ඇවිල්ලා කිව්වා ඒයි ඕයි මේ තමුසේ පාස්නේ කියලා…
එතකොම මම වෙන්න බෑ කිව්වා..ඊට පස්සේ තමයි අරවිසිකරලා දාපු සුදු ඇඳුමත් ඇඳගෙන ගියේ ප්‍රතිඵල බලන්න…එතකොම මම දැක්ක මම පාස් එතකොට මට මතක් උනා A/L කරන්න පුළුවන්නේ නාට්‍ය කරන්න කියලා….එතනදි තමයි A/L කරන්න ඕන කියලා හිතුවේ…නාට්‍ය කරන්න තමයි යන්න ඕන ඉස්කොලෙකට ගන්න හිතෙන මට්ටමේ දේවල් තියෙනවනේ ජම්නාෂ්ටික් කරලා ළමයිට උගන්නන්නම් ඒත් මට ඒවා කරන්න බෑ පොඩ්ඩක් කකුල් දෙක ඈත් කරන්න,බල්ටියක් දෙකක් ගහන්න,ගහගන්න පුළුවන්, ඉතිං බොරු ගොඩාක් කියලා මම ඉස්කොලෙට ගියා… ගිය වෙලාවේ ඉදලා බැලුවේ නාට්‍ය ගුරුවරයා අල්ලගන්න..කොහොම හරි මම නාට්‍ය ගුරුවරයාව හොයාගෙන මම ගිහින් කිව්වා මට නාට්‍ය කරන්න ඕන කියලා…මම තොරගත්තේ නාට්‍ය හා රංගකලාව,බෞද්ධ ශිෂ්ඨාචාරය,චිත්‍ර,සිංහලයි…චිත්‍ර කරනවනම් චිත්‍ර පංතියට ළමයි අඩුයි චිත්‍ර කරන්න බෑ S එකක් තියෙන්නේ කපුටෙක්වත් අඳින්න බෑ….ඊට පස්සේ පොරොන්දු උනා චිත්‍රවලට සම්මානයක් අරං දෙන්නම් A/L වලට ඒ පොරොන්දු පිට තමයි නාට්‍ය කරන්න ගියේ…
කෝමහරි පොරොන්දුව ඉෂ්ඨ කලා…චිත්‍ර වලින් විශ්වවිද්‍යාලයට ගිහින් චිත්‍ර මූර්ති අංශයේ උපාධියත් අරගෙන චිත්‍ර ගුරුවරයෙක් විදිහට පත්වීම අරගෙන නාට්‍ය හා රංගකලාව උගන්වමින් ඉන්නවා O/L වත් පාස් වෙයි කියලා විශ්වාස නොකරපු කොල්ලා….මහගමසේකර තමයි අපේ පරමාදර්ශය උනේ…මහගමසේකරගේ තුංමන්හංදිය වගේ චිත්‍රපටයක් කවදාහරි කරන්න ඕන කියලාවගේ දෙයක් තමයි තිබ්බේ…අධ්‍යක්ෂනය කරන්න තමයි උවමනාව තිබ්බේ…හැබැයි මම කරන රඟපෑම් වලට සම්මාන හම්බුවෙනවා පාසල් කාලයේ…මුලින්ම වේදිකානාට්‍ය වලට තමයි අපිට LINK එක හැදෙන්නේ…මන්දු විතානගේ කියන නාට්‍ය කරුවාගේ රෝමය ගිනිගනී කියන නාට්‍යට නලින් මාපිටිය අපි සෙට් එකම අරන් ගියා…අපි කරන්නේ සෙට් ගහනවා,ගලවනවා,පටවනවා ආයිත් රෑ ගිහින් පටවනවා….පයින් ගෙදර එනවා…මේ වගේ සේරම ටික කලා… ”
● ධර්මප්‍රිය ඩයස් කියන නළුවාට මුලින්ම හම්බුවෙන්නේ මොනවගේ අවස්ථාද…?
”මුලින්ම හම්බුවෙනවා කව්රුහරි ආවේ නැති උනහම ඒ චරිතය කරන්න..පැනලා කරනවා ඉතිං….”
●කැමරාව ඉස්සරහ මොනවාද හම්බුනේ මුල්කාලේ…?
“කැමරාව ඉස්සරහ නාලන් මෙන්ඩිස් මහත්මයා වේදිකා නාට්‍ය බලනවා..හැම අවුරුද්දකම කෝමහරි කෙනෙක්ව හොයාගන්නවා…වේදිකා නාට්‍ය හරහා එයාගේ ටෙලි නාට්‍ය වලට…අනේ අපිව දකින්නේ නැද්ද කිය කිය ඉන්න කාලේ සත්පුර්ෂයෝ කියන එකකට ගත්තා…ඊටත් කලින් ඉංගන්මාරුව…අපටත් කීයක් හරි හම්බුවෙලා COURSE එකක් කලා වගේ තමයි රූපවාහිනි නාලිකාවේ කරපු ඉංගන්මාරුව…ඒ කාලෙත් තිබ්බා මේ ප්‍රශනේ…නාලන්ගේ වැඩ වලට යන්න එපා උබලා විනාශයි කියපු senior artist ලා හිටියා…

ඇයි එහෙම කියන්නේ කියලා අපි හිතුවා…අපේ පරමාදර්ශී චරිත විදිහට ජෝ අබේවික්‍රමලා වගේ අය ජනප්‍රිය චිත්‍රපට වල හිටියනේ..මේ අය මේ දෙකම කලේ කොහොමද මේ වගේ ප්‍රශ්ණ අපට තිබ්බා…ඉස්සර අපි ගණන් හදනවා….ශ්‍රියන්ත අයියා එනවා බයික් එකක ලුම්බිණියට වගේ ඇවිල්ලා රඟපාලා යනවා…ශ්‍රියන්ත මෙන්ඩිස් මේ ගානට එන්න අවුරුදු කීයක් වැඩ කරලා ඇද්ද මේ දේවල් ඔන්න හොයනවා එයා ඒ වෙද්දි අවුරුදු 15..ඒ කියන්නේ අපි තාම අවුරුදු දෙකයි මොන මලයිලව්වක්ද අපට තව අවුරුදු 13ක්ම තියෙනවා ඒ ගානට යන්න…මහේන්ද්‍ර පෙරේරා පොඩි රතු පාට කාර් එකක යනවා ඒ කාලේ අවුරුදු 15 විතර වැඩ කරලා තමයි…
එච්චර කාලයක් වැඩ කරන්න ඕන කියන දේ කමයි අපට ආවේ….”

●සමහරු ආසයි විජේ වෙන්න,සමහරු ආසයි ජෝ අබේවික්‍රම වෙන්න ඔබ ආස කලේ කවුරුවෙන්නද?
“මම ආස කලේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න…

හොද අධ්‍යක්ෂකවරයෙක් වෙන්න…තාමත් බැරි උනෙත් ඒක තමයි…එක උත්හයක් කලා සාදය මාරයි සල්ලි හමාරයි කියලා වේදිකව උඩ…තව එකක් කලා මම නෙවෙයි වෙන කෙනෙක් කියලා අපට මේ කොවිඩ් වසංගතය නිසා ඒක අතරමඟ නතර කරන්න උනා….”
●සාදය මාරයි සල්ලි හමාරයි දර්ශනවාර කොච්චරක් ගියාද?
”දර්ශනවාර 325 ක් ගියා…”
● ධර්මප්‍රිය ඩයස් ගේ කුටුම්භය කොහොමද ?
”බිරිඳ අනොජා මිලන්ති එයා ගොඩාක් කැපකිරීමක් කරනවා මට වැඩිය මේ සඳහා එහෙම නැත්තම් මට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ…මංදිහා බලන් ඉන්නවා ඈත ඉදලා…මට පුළුවන් ප්‍රමාණය කොච්චරද බැරි ප්‍රමාණය කොච්චරද කියලා දන්නවා කියලා මම විශ්වාස කරනවා…

හුස්මකින්වත් සමහර වෙලාවට විරෝධය පාන්නේ නැතුව මාව ඉවසගෙන ඉන්නවා..දරුවන්ගේ වැඩ වලට එයා ඉන්නවා…ඒක මට ලොකු සහනයක්…”
●එතනින් අපි යමු කොළඹ…COLOMBO චිත්‍රපටයේ තියෙන්නේ සමාජ ප්‍රශ්ණයක් තමයි…නමුත් ඒක බලන අයට ප්‍රශ්ණයක් නොවෙන විදිහට අමුතු bioscope එකක් එතන තියෙනවා…..?
”මමත් ඒ bioscope කෑල්ලට තමයි ආදරය කරන්නේ ආස කරන්නේ…අතිසම්භාව්‍ය සිනමාකෘතියක් නරඹන්න එන අතලොස්සට වැඩිය ජනප්‍රිය රැල්ලේ හරි bioscope රැල්ලේ හරි සිනමාපටයක් බලන්න පුරුදු වෙච්ච ප්‍රෙක්ෂකයා හරිම වටිනවා..අපේ .COLOMBO චිත්‍රපටත් ඒ සැලකිල්ල ප්‍රෙක්ෂකාගාරයෙන් ලැබෙමින් පැවතුනා…”
●COLOMBO චිත්‍රපටයේ ජූඩ්ගෙ චරිතය කොහොමද ධර්මප්‍රිය ඩයස් විස්තර කරන්නේ….?
”දෘශ්‍රමාන ප්‍රේමයක පැටලිච්ච මනුස්සයෙක්…ඒක හරි අපූරු අත්දැකීමක් මොකද මම මෙච්චර කල් ආදරේ කරලා තියෙනවා ගෑනු අයට ආස කරලා තියෙනවා පෙම්වතිය දැන් බිරිඳට මම ආදරේ කරනවා…මේ ඔක්කෝම දෘශ්‍රමානයිනේ හැබැයි නොදකපු කෙනෙකුට තමන්ගේ ජීවිතය පුරාවට තාම ඉන්නව වගේ දැනෙන චරිතයක් මොකද කරන්නේ…”
●මේකේ මේ දවස් වල ලංකාවේ SUPER hero හේමාල් රඟපානවා…ඇත්තටම මේ හේමාල් වැඩ්ඩෙක්ද ?
”හේමාල් අපට තියාගන්න ඕන වැඩ්ඩෙක් විදහට තියාගන්න ඕන නළුවෙක් කියලා මම විශ්වාස කරනවා…මොකද හේමාල් කාලෙකින් මම දැකපු චිත්‍රපට කර්මාන්තයට SUPER hero කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක්…තවම හේමාල්ට එකක් දෙකක් ඇරෙන්න තව හේමාල්ගෙන් වැඩක් ගන්න පුළුවන් මේ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට හිතලා…”
●මේ චිත්‍රපටය රඟපාද්දි ලබපු අත්දැකීම කොහොමද මේ පරිසරය එක්ක…?
”මචං චිත්‍රපටය හරහා මට මේ පරිසරයේ ජීවත්වෙන්න ලැබිලා තියෙනවා…ඒ වගේම සාමාන්‍ය ජීවිතයේත් මම වැඩ කරන ඉස්කෝලේ අවට මට ඒ පරිසරට නිතර මුණ ගැහෙනවා…හැබැයි ඒක ඇතුලේ ජීවත්වෙලා ඒ රූපගතකිරීම් කරනකොට අපි දකින කර්කෂක පරිසරයේ ඉන්නවා හරිම සුන්දර මිනිස්සු…ඒ මිනිස්සු හරි හොදයි…ඒ මිනිස්සුන්ව නරක් කරලා තියෙන්නේ අපි හදාගත්ත සමහර දේවල් වලින්…”
●COLOMBO චිත්‍රපටයේ කතාව මොකද හිතෙන්නේ…?
“කතාවක් ඉවර වෙන කතාවක් නෑනේ…මේ ජීවිතය සඳහා දුවන මිනිස්සු ටිකක් ඉන්නේ…එකක් ආදරම සම්බන්ඳයෙන්,සමහරුන්ට ජීවත්වෙන්න ආදරය තියෙන්න ඕන…තමන්ට ලැබිලා නෑ ඒ ආදරය…ඒ වගේම තමයි මුදල්…මුදල් කියන දේ පසුපස හබායනවා ජීවිතය කියන්නේ මේකයි කියලා හිතාගෙන…”
● bioscope එකක තිබිය යුතු ක්‍රියාදාම බව ක්‍රියාශීලිබව මේ සියල්ලම පිරිච්ච චිත්‍රපටයක්…චිත්‍රපටයක් බලලා විසිල් එකක් ගහන පිරිසක් හිටියනේ අන්න ඒ අයට නැවතත් අවස්ථාවක් ලැබෙන්න ඉඩතිබ්බා මේ චිත්‍රපටයෙන්….?
”ඒක ලැබෙමින් තිබුනේ අපට…ඇත්තම කියනවානම් අනූෂ සංජීවලා දුවන කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක් කාලේ…ලොකුකෙනෙක්ගේ මළගෙයක් උනහම චිත්‍රපට බලන්න එනවට වඩා ගියේ ඒවට අපි ඒක දැක්කා…මම දන්නේ නෑ එතකොට කොහොමද මේ කොහොමද මේ වසංගතයට මුහුණ දුන්නේ කියලා…චිත්‍රපට ශාලා වලට සීමාවන් පනවාලා මොකක් හරි නීතිරීතියක් ඇතුව තියෙන්නේ…අපි එහෙමනම් ඊට වැඩිය සැලකිලිමත් වියයුතු තැන් තියෙනවා ඊට වැඩිය අපේ රටේ…”
●සෞඛ්‍ය රෙගුලාසි අනුව චිත්‍රපට ශාලාවක ධාරිතාවෙන් 25%ක් සම්පූර්ණ කරන්න පුළුවන් කියන තැනට ආවා…මේ දවස් වල සම්පූර්ණයෙන් වහලා මේ ගැන කතිකාවතක් වෙනම තියෙනවද ධර්මප්‍රියට…?
”ද්‍රවිඩ සිනමා බලන්න ගේට්ටු ගලවගෙන යන්නේ…ඒ කාලේ ගාමිණී ෆොන්සේකලා බලන්න එනව වගේ රැල්ලක් දැන් ලංකාවේ නෑනේ…හැබැයි සාමාන්‍ය Audience එකක් ඉන්නවා අපට…මේක අඩුගානේ මේකට සහනයක්වත්දෙන්න ඕන කියලා තමයි මම කියන්නේ…වසංගතයක් නැත්තම් මම විශ්වාස කරනවා අපිට නැතිවෙච්ච Audience එක නැවත ගොඩනගන්න තිබ්බ අවස්ථාවක් මේ….”

2 Comments

  1. Hi, I read your new stuff daily. Your writing style is awesome,
    keep it up!

  2. Do you mind if I quote a couple of your posts
    as long as I provide credit and sources back to your webpage?
    My blog is in the exact same area of interest ass yours annd my visitors would really benefit
    from some off the information you present here. Please let me know if thijs okay with you.

    Thanks!

Leave a Reply

Your email address will not be published.

Back to top button