ගොසිප් පුවත්
Trending

මුළු ලංකාවම රවටන හොර ගුරාගේ කැරට්ටුව ඔබගේ දරුවාත් පරිස්සම් කරගන්න

ඉතාමත් පහත් ආකාරයෙන් දෙමවිපියන් සහ කුඩා දරුවන් රවටන මොහු එයට භාවිතා කරනුයේ ප්‍රසිද්ධ මාධ්‍යයි. නමුත් මොහුගේ මෙම ක්‍රියාකලාපයන් මහ ජනතාව දැනුම් දීමෙන් අනතුරුව බොහෝ නාලිකා ප්‍රධානීන් මොහුව ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් කර තිබේ. ඉතිරි නාලිකාද මොහුව ඉවත් කිරීමට යන බව දන්වා ඇත. විශේෂයෙන් Neth FM නාලිකාවේ බැලුම්ගල වැඩසටහනේ මොහු පිළිබඳව අනාවරණය රටේ සමස්ථ ප්‍රජාවට මෙවැනි වංචනිකයන් පිළිබඳව දැන ගැනීමට අවස්ථාවක් ලැබුනි. එමෙන්ම මෙම පුද්ගලයා සම්බන්ධ නොයෙකුත් වංචනික ව්‍යාපාර බොහොමයක් පිළිබඳව ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. එමෙන්ම එම සියලු විස්තර දැන් කෙමෙන් කෙමෙන් එලියට පැමිණෙමින් තිබේ. එමෙන්ම මොහු ජනතාවක් මෙපමණ කාලයක් රවටනු ලැබුවේ ප්‍රසිද්ධ මාධ්‍ය නිසාය. එයට ප්‍රධාන හේතුව වනුයේ ජනතාව ප්‍රසිද්ධ මාධ්‍ය විශ්වාස කිරීම නිසාය. මොහුගේ මෙම රැවටීම කොතෙක්ද යන්න මෙය අවසානයේ දක්වා ඇති සමාජ මාධ්‍ය අදහස් වලින් පෙනීයයි

ඔබට මතක ඇති පහුගිය දවසක මහමග ගුරුවරයෙක් යැයි කියා ගන්නා අයෙක් තම වාහනය අවහිර කල බව පවසමින් තම ආරක්ෂකයන් ලවා කලගෙඩිහේන ප්‍රදේශයේ දී සාමාන්‍ය රියදුරෙක්ට පහර දුන් සිද්ධිය. නමුත් ඔබ නොදන්නා දිගු කතාවක් ඒ පහරදුන් ගුරුවරයා සතුව තියෙනවා. අප ඉතා භක්තියෙන් ගරු කරන ගුරුවරුන්ටත් අවනම්බුවක් එකතු කරන දිනේෂ් අමරතුංග නම් ජාවාරම්කාර ගුරා ගැන කතාවයි මේ.

කුඩා කල සිට කල බොරු

දිනේෂ් අමරතුංගගේ හොරකම් හා බොරු කිරීමේ කලාව ඔහුගේ කුඩා කාලය දක්වා දිව යනවා. එකල ලංකාව පුරාම ඉතා ප්‍රසිද්ධ වූ රූපවාහිනි නාලිකාවක ළමා සමාජයකද දිනේෂ් කලක් සමාජිකයකුව සිටියා. නමුත් පසුව එයින් ඉවත් වන ඔහු “ඉහළ” නමින් යෞවන සාමාජයක් එම ප්‍රදේශයේම ආරම්භ කරනවා. පසුව එම රූපවාහිනි නාලිකාවේ සළකුණ යොදාගෙන ව්‍යාජ ලිපියක් සකස් කරමින් ඔහු තම යෞවන සමාජයට මුදල් ද එකතු කිරීමේ නිරත වෙනවා. එකල තම පියා පොලිසියේ දැනු තනතුර නිසා එයද උපයෝගී කර ගනිමින් ඒ ව්‍යාජ ලිපිය ගැන තොරතුරු ඇසු අයෙකුටද ඔහු රෝහල් ගතවන තරමට පහර දීමක්ද සිදුවෙනවා.

 

කැම්පස් අත්සන් බොරුවට, වසර තුනක් සිර ගෙදරට

දිනේෂ් ගැන කතා බහට ලක්වන්නේ ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය තුළයි. ඔහු ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන්නේ ව්‍යවහාරික විද්‍යා පිලිබඳ උපාධියක් හැදෑරීමටයි. නමුත් කාලයක් සමඟ ඔහුට එයින් ද ව්‍යාජ ලේඛන සෑදීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙනවා. එහිදී උපකුලපතිවරයාගේ අත්සන හොරෙන් භාවිතා කිරීම නිසා මොහුට බන්ධනාගාර පවා ගතවීමට සිදු වුනා. ඒ වසර තුනක පමණ කාලයකටයි. ඒ නිසා විශ්ව විද්‍යාල සමයේ මොහු විසින් කරන ලද සමහරක් වංචා නිසා ඔහුට විශ්ව විද්‍යාලයේ සිසුන්                    “ශ්‍රී මුචලින්ධ” යන නමින් අමතා තිබෙනවා. පසුව වසර තුනකට පසුව බන්ධනාගාර ගතව පැමිණි මොහු විසින් තමා පොලිසියේ කටයුතු කල බව හා තවත් තැනක ඔහු විසින් ජර්මනියේ පරිඝනක උපාධියක් සම්පුරණ කල බව මොහුගේ මිතුරන්ට පවසා තිබෙනවා.

හොර ගණිත පංතිය

ඕනෑම දෙමාපියන් තිබෙන අහිංසක ආසාවක් තමයි තමන්ගේ දරුවන්ට හොදට උගන්වලා උගතුන් කරන එක. ඒක එදා ඉදන්ම එන අහිංසක ප්‍රාර්ථනාවක්. අද සමාජය කොච්චර පිරිහෙලාද කියනවනම් ඒ අහින්සක දෙමාපියන් රවටලා මුදල් කඩාගන්නා රට කපටියෙක් තමයි දිනේෂ් අමරතුංග කියන්නේ. ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙනී සිටිමින් අහින්සක මිනිසුන්ගෙ සල්ලි කඩාගන්නවා. ඇත්තටම සල්ලි කඩාගන්න මරු ක්‍රමයක් මිනිහා ලග තියෙනවා. Youtube වල තිබෙන Mathematics Tricks වැඩසටහන් නරබා එය ඔහු විසින් සොයාගත් ආකාරයට ප්‍රසිද්ධ කර දිවයිනේ නොයෙකුත් ස්ථානවල පන්ති පවත්වා රුපියල් 11,000 මුදලක් අහින්සක දෙමාපියන් ගෙන් කඩා ගනියි. ඇත්තටම මොහුට විරුද්ධව උසාවි කිහිපයක දෙමාපියන් විසින් නඩු පවරා ඇත. එමෙන්ම තවත් විශාල වංචා සඳහා මෙහු අවශ්‍ය කර තිබේ. රුපියල් 11,000 ක් මෙවැනි ජාවාරම්කාරයෙකු වෙනුවෙන් යොදන්නේ නැතිව පහළ තියෙන Link වලින් බලාගෙන ඉගෙන ගන්න දරුවාගෙ හිත යොමුකරවන්න.

Mathematics Tricks Link 1

Mathematics Tricks Link 2

Mathematics Tricks Link 3

Mathematics Tricks Link 4

Mathematics Tricks Link 5

Mathematics Tricks Link 6

නීතිඥ හා කථිකාචාර් රඟපෑම

ශ්‍රී මුචලින්ද එහෙම නැත්නම් දිනේෂ් නුවන් අමතුංග විසින් කරන ලද ඊළඟ රඟපෑම වුනේ ඔහු විසින් නීතිඥවරයෙක් බවට සමාජ මාධ්‍ය ජාලාවල හා ඔහු විසින් පසු කලෙක ආරම්භ කරන ලද උපකාරක පන්ති වලදී කරන ලද බොරුවයි. එහිදී තමා University of London ආයතනයේදී LLB උපාධිය සම්පුරණ කල බව පවසා තිබුණා. නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මොහු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නීතිඥවරයකු නොවන බවට තහවුරු කරනවා. ඉන් පසුව ඔහු විසින් ආරම්භ කල තවත් උපකාරක පන්තියක ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස විද්‍යා පීඨය තුළ සේවය කරන බව පවසා තිබුණා. නමුත් එයත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින්ම ප්‍රතික්ෂේප කරනවා.

රුපියල් 50000ක් වටින පරිගණකය

දිනේෂ් අමරතුංග විසින් පසු කලෙක කරන ලද විශාලතම වංචාවක් ලෙස මේ පරිගණක පාඨමාලාව හරහා කරන ලද රු.10,000 වංචාව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු විසින් කරන ලද මේ වංචාව හරහා ළමුන්ට නොමිලේ පරිඝනක පාඨමාලාවක් ලබා දෙන බව පවසා තිබෙනවා. නමුත් එයටද ඇතුලත් වීමේ ගාස්තු හා පසු කලක එහි නිබන්ධන වෙනුවෙන්ද මුදල් අයකර තිබුණා. මෙහිදී අදාළ පාඨමාලාව අවසානයේ ළමුන්ගෙන් රු.10,000ක් පරිඝනකයක් ලබා දෙන බවට අය කලත් පසුව ඔහු විසින් එම පරිඝනක නැවත ලබා දී තිබුනේ නෑ. ඒවා පිළබඳ විමසීමට නැවත දෙමාපියන් පැමිණෙන විට ඔවුන්ව රවටා නැවත වරක් හරවා යවා තිබුණා. තවද රු 5,000ක් තරම් වූ ක්‍රියා නොකරන පරිඝනක සමහරක් දරුවන්ට අතට ලැබී තිබුණා. එමෙන්ම ඔහු විසින් එක්තරා විහාරස්තානයකටද රු.50,000ක් වටිනවා යයි පවසා ක්‍රියා නොකරන රු.5,000ක පමණ තවත් පරිඝනකයක් ලබා දී තිබුණා. එමෙනම් ඒ ගමේ දරුවන්ට ශිෂ්‍යත්ව හා දෙමාපියන්ට ඉඩම් ලබා දෙන බවට ද පවසා ඔවුන්ව රවටා තිබුණා. දිනේෂ් අමරතුංග විසින් තම කාර්යාලය තුල ඔහු හා විවිධ ප්‍රසිද්ධ යැයි සමාජ සම්මත දෙශාපාලයන් හා ඔහු විසින් ලබා ගත් පින්තුර රැසක් ප්‍රදර්ශනය කර තිබෙනවා. 2013 වසරේ නිල වශයෙන් ආරම්භ කරන මොහුගේ වංචනික ව්‍යාපාරය පහුගිය දිනයක මොහු විසින් ජනපති පොදු අපේක්ෂක ධුරයට ඉල්ලන තැනට දක්වාම ව්‍යාප්ත වුනා.

තවද මොහු විසින් කුලියට ගන්නා ලද ආරක්ෂකයන් තම ආරක්ෂාවට යැයි පවසමින් යොදාගෙන තිබුණා. රට විනාශ කරන මෙවන් වංචනික හා බොරුකාර මිනිසුන්ගෙන් ඔබ නිතර ප්‍රවේශම් විය යුතු වෙනවා. බොහෝ මුචලින්ධලා ඔබ වෙනුවෙන් මග බලා ඉන්නවා වන්නට පුළුවන්. ඒ වගේම රටේම දරුවන්ගේ අහිංසක අනාගත හීන එක්ක, ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අහිංසක හීන එක්ක සෙල්ලම් කරන මෙවැනි අසමත්ජාත, වංචාකාර පුද්ගලයන් රටේම සමාජ මාධ්‍ය වලින් මෙන්ම ප්‍රධාන මාධ්‍ය වලද අවධානය නිසැකව ම යොමුවිය යුතුයි.

සමාජ මාධ්‍ය ජාල තුල පළවූ අදහස්

social media feedback
social media feedback
social media feedback
social media feedback
social media feedback
social media feedback

 

 

 

 

Neth FM නාලිකාවේ බැලුම්ගල වැඩසටහනේ මොහු පිළිබඳව අනාවරණය කෙරු සම්පුර් ණ වීඩියෝව

බුද්ධිමත් දෙමවුපියනි, මොහුගේ අප කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි අන්දමේ ක්‍රියාවන් අපහට දැනුම් දී ඇති අතර කරුණාකර ඔබත් මොහුගේ වංචනික ක්‍රියා වලට හසු වී ඇති අයෙකු නම් අප හට දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button