ගොසිප් පුවත්

HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් තරුණ පිරිස

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“යන්නය.

AV Rase

මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙරට තරුණ පරපුර තුළ HIV ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,

“ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වෙලා තියෙන්නේ, ‘ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම‘.මේ තේමාව ඇත්තටම කොවිඩ් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ ගත්තහම HIV ආසාදිතයින් 3,600ක් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඔවුන්ගෙන් 2,304ක් HIV තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ HIV ආසාදිතයින්ගෙන් 1,845ක් අපේ සායනවලින් HIV සඳහා ප්‍රතිකාර ලබාගන්නවා. මෙම HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් විතර තරුණවියේ පසුවෙන අය. ඒ තරුණ වියේ අයගේ වාර්තා වීම එන්න එන්න පසුගිය වසරවල ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ තේමාව ලෙස මෙවර ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු HIV වළකමු‘ කියලා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button