මට ප්‍රේම සම්බන්ධතා 5ක් තිබිලා තියනවා, ආගමට දහමට ලැදි අයට තමයි මම කැමති-හිමායා බණ්ඩාර

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය රංගනයට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් හිම කඳුළු කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙමින් කළා ක්ෂේත්‍රයට පැමිණි ඇය පහුගිය කාලයේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතය හරහාත් අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනා ගත්තා කිවුවොත් හරියටම හරි.
ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ වෙද්දී ඇයට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක් ඉදලා තියනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම දැනුත් ඇයට ඇය ආදරය කරන ආදරවන්තයෙක් ඉන්නවාලු. හැබැයි ඇය කවදාවත් කළා ක්ෂේත්‍රයේ කෙනෙකුටනම් කැමති වෙලත් නැහැලු. කැමති වෙන්නෙත් නැහැලු.

ඉතින් ඒ වගේම ඇය ආදරය කරන්න කෙනෙක් තෝරගද්දී බලන මූලිකම දේ තමයිලු ගැහැනියකට ගරු කරන්න ඕන කියන දේ. ඒ වගේම අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්නත් ඕනලු. ඉතින් ඒ වගේම ඇයට හොඳින් සලකන කෙනෙක් වෙන්න ඕන කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට අවංක කෙනෙක් වෙන්නත් ඕනලු. තව කිසිම වෙනසක් නැතුව දුප්පත් පොහොසත් හැමෝවම ආශ්‍රය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන කියලත් ඇය කියනවා. ඒ වගේම විශේෂයෙන්ම පිනට දහමට ලැදි කෙනෙක් වෙන්නත් ඕනලු.
ඉතින් ඇයගේ ජීවිතේ දැන් ඇයට දැන් තියන මූලිකම බලාපොරොත්තුව ඇයටම කියලා ගෙයක් හදා ගන්න එකලු. ඉතින් ඒ වගේම ඇයට ලොකු හීනයක් තියනවාලු කලාවෙන් සමු ගන්න කලින් හොඳම නිලියට සම්මානය ලබා ගන්න. ඉතින් ඒ වගේම ඇය කැමතියිලු ලෝකෙම ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න. දැනුත් ඇය ඇයට පුළුවන් විදිහට නැති බැරි ඇයට උදව් කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මට ප්‍රේම සම්බන්ධතා 5ක් තිබිලා තියනවා, ආගමට දහමට ලැදි අයට තමයි මම කැමති-හිමායා බණ්ඩාර appeared first on FoxMedia.