දේශීය පුවත්

වයඹ අවදානම් ප්‍රදේශ කිහිපයක සඳුදා පාසල් විවෘත නොකෙරේ

වයඹ පළාතේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල පාසල් එළැ‍ඹෙන සඳුදා ආරම්භ නොකරන බව එම පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කරයි. බස්නාහිර හැර සෙසු පළාත්වල පාසැල් එළඹෙන 23 වන සඳුදා දින විවෘත කිරීමට රජය පසුගිය දා තීරණය කරනු ලැබුවත් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල පවතින පාසැල් ආරම්භය සතියකින් කල්දැමීමට තීරණය කළ බව ද ඒ මහතා පැවසීය. එමෙන්ම මෙම කාලයේ දී උපකාරක පන්ති ආරම්භ කිරීම සුදුසු නොවන බව ද පැවසු රාජා කොල්ලුරේ මහතා එය ද කල්දැමු බව කියා සිටියේය. ඒ අනුව,

school-kurunegala
school-kurunegala

පුත්තලම දිස්ත්‍රික්කයේ 1000 කට වැඩි සිසුන් පිරිසක් ඇති පාසල් සළකා බලා එම පාසල් විවෘත කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම් හා සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලබයි. මේ අතර, තෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය තෙක් සිසුන් සඳහා පමණක් පාසල් විවෘත කිරීම තුළින් ප්‍රාථමික අංශයේ සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සඳහන් කරයි. මේ අතර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු වන අන්දමින් තෙවන පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button