ක්‍රීඩා පුවත්

පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානක අතර පිටිය මැද ගිය උණුසුම් වචන හුවමාරුවේ වීඩියෝව මෙන්න..!

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ තවත් තරඟයක් ඉතිරිව තිබියදී 2 ට බිංදුවක් ලෙස දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ද ජය ගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඬුලු 09 ක් දැවී ලකුණු 275 ක් ගස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65 ක් රැස් කළ අතර අවිශ්ත ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස් කිරීමට සමත් වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 44 යි.

ලකුණු 276 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඬුලු 05 ලකුණු 116 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය තමන් සතු කරගත්තේ පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඬුලු 07 කට 277 ක් රැස් කරමින්.

මේ අතර තරගය අවසාන වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානක අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුයේ මෙලෙසින්…

Back to top button