දේශීය පුවත්

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමට මෙතෙක් රජය දැරූ වියදම් මෙන්න

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමට මෙතෙක් රජය දැරූ වියදම් මෙන්න”>කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමට රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා රජය මේ දක්වා වැය කර තිබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රජය මේ දක්වා මිලදී ගෙන ඇති එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහක් වනවා.

මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී තිබෙනවා.

මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසක් වනවා.

  • සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්ද
  • මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්ද
  • ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්ද
  • ස්පුට්නික් V එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්ද
  • ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්ද

මෙරටට මේ දක්වා ලැබී තිබෙන බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ.

Back to top button