ඇස්ට්‍රාසෙනිකා මිශ්‍ර කර බෙදනවා යයි බොරු කී නිසා අසේල සම්පත් ඇල්ලුවා – පොලිසිය

යූටියුබ් හා ෆේස් බුක් ඔස්සේ ඖෂධ ඇමතිවරයා ඇස්ට්‍රාසෙනිකා එන්නත මිශ්‍ර කර බෙදනවා යයි අසත්‍ය පුවතක් ප්‍රචාරය කර තිබීම ගැන ඖෂධ නියාමන අධිකාරිය කළ පැමිණිල්ලකට අනුව ආපන ශාලා සංගමයේ අසේල සම්පත් නමැත්තා පිළියන්දල පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ඊයේ අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය දන්වා ඇත.

අසත්‍ය ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර හැරීම ඔහු කළ වරද බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ ප්‍රකාශයට අදාළ සමාජ මාධය කොමෙන්ටුද පිටපත් කළ බවත්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ ගැන කියූ හැටි හඩ පටය පහතින්

Exit mobile version