ගොසිප් පුවත්

මනුෂ සහ හරීන් සජබයෙන් ඉවත් කරයි

අද දින අමාත්‍යධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ.

අදාල ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමු කර ඇති බවත් පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් සඳහන්.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරයේත් හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
(colombotimes.lk)

Viber

The post මනුෂ සහ හරීන් සජබයෙන් ඉවත් කරයි appeared first on Colombo Times.

Back to top button