ගොසිප් පුවත්
උත්සවශාලා හිමියන් සියයට 50 ඉල්ලයි

උත්සවශාලාවල ධාරිතාවයෙන් සියයට 50 ක පුද්ගලයන් සංඛ්‍යාවක් උත්සව අවස්ථා සඳහා සහභාගි කරගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස සමස්ත ලංකා උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර සපයන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
ඔවුන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මල් සපයන්නන්, ඡායාරූප ශිල්පීන්, ආහාර පිසින්නන් ඇතුලු උත්සව ක්‍ෂේත්‍රයට අදාළ රැකියාවලින් යැපෙන පුද්ගලයන් ලක්ෂ 6 කට පමණ වසරක පමණ කාලයක සිට ආදායම් අහිමිවී ඇති බවයි.

ණය වාරික ගෙවීමට මාස හයක සහන කාලයක් ලබාදුන්නද මේ වනවිට එයද අහිමිවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා