දේශීය පුවත්

හබරාදුව MOH ගේ රියදුරු හා සගයා 90000 ක එන්නත් සොරාගෙන

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

රුපියල් 90,000 වටිනා මෙම එන්නත් කුප්පි තොගය සොරකම් කීරීමේ වගකිව යුතු පාර්ශවය වශයෙන් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකු සහ රියැදුරෙකු නම් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොපිලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබේ.

Back to top button