ගොසිප් පුවත්
ඇමති තාත්තාට ඒඑස්පී පුතුගෙන් ආචාර

මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ල සුහුරුපාය පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඊයේ (30) වැඩ භාරගත් මොහොතේ අමාත්‍යවරයාගේ පුත් වෛද්‍ය සචිත්ර වීරසේකර මහතා විසින් තම පියාට ආචාර පුද කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා චමල් රාජපක්ෂ, ජනක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආයතන ප්‍රධානීන් මෙන්ම පවුලේ ඥාතීන්ද සහභාගී තිබෙනවා.