දේශීය පුවත්

තෙල් මිල නැවත අඩු කිරීමට රජයේ අවධානය

ඉන්ධන මිල එක්වරම ඉහළ දැමීම නිසා රජයට දැඩි විවේචන එල්ලවී පවතින අතර එය බාහිරින් මෙන්ම අභ්‍යන්තරවද සිදුව තිබේ.
ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙසේය.

“තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතා කරලා තීන්දුවක් ගනී. එය වැඩි නොවුනා නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩි කළයුතුයි කියලා ඒ අදාළ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තීන්දුවක් ගනී.”

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයෙදී යළි සකච්ජාවට ගැනෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා ද පැවසීය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 05ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 

Back to top button