ව්‍යාපාරික පුවත්
Trending

ඩිජිටල් මුදල් තහනම් කිරීමට රජය සැලසුම් කර තිබේ

ඔබ මේ වන විටත් බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin), එක්ස්-ආර් -පී (XRP), එතෙරියම් (Etherium) ගැන අහලා ඇති. ඒත් මේ ක්රිප්ටෝකරන්සි Cryptocurrancy යනු මොනවාදැයි බලමු. ක්රිප්ටෝකරන්සි යනු ඩිජිටල් මුදල් (Digital Money) වර්ගයක් වන අතර එය කොම්පුටර් ආශ්‍රිත කැනීම් (Mining) ක්‍රමයකින් නිර්මාණය කරනු ලබයි. ඒවා “බ්ලොක් චේන්” (Blockchain) නමැති තාක්ෂණය මගින් සුරක්ෂිත කර ඇත. එමනිසා ව්‍යාජ ලෙස වියදම් කිරීමට ඇති ඉඩ කඩ අවුරා ඇති බව වාර්තා කෙරෙනවා. බ්ලොක් චේන් විද්‍යාව විස්තර කරනුයේ බෙදා හරින ලද ලෙජරයක් විලසටය. ක්රිප්ටෝකරන්සි නිර්වචනය කරන විධියට නම් ඒවා සාමාන්‍යයෙන් කිසිදු මධ්‍යම අධිකාරියක් විසින් නිකුත් නොකරයි (Decentralized). ඒවා රජයේ මැදිහත්වීම් හෝ උපාමාරු වලට ද සම්බන්දයක් නැත.

ඉතින්, මෙමගින් අපි මුදල් උපාය ගන්නේ කොහොමද (how-to-make-money-from-cryptocurrency)? ඉතාම සරලයි. ක්රිප්ටෝ මාර්කට් (Cryto Market) එකත් හරියටම ස්ටොක් මාර්කට් (Stock Market) එක වගේ. ඔබට එක්ස්චේන්ජ් (Exchange) එකක් හරහා ක්රිප්ටෝ මිලදී ගෙන, මිල වැඩිවූ විට විකිණීමෙන් ලාභයක් ලබා ගැනීමට පිළිවන්. නමුත්, මෙහි මිල ඉක්මනින් ඉහල පහල යන නිසා, අධික අවදානමක් තියෙනවා. ඔබ කල්පනාකාරී නොවුණොත්, විශාල පාඩු ඇතිවීමටත් බොහෝ ඉඩකඩ තියෙනවා.

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. ඒ සඳහා නව පනතක් කඩිනමින් ගෙන ඒමට ඔවුන් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව ලිහිල් ප්‍රතිපත්තියක් භාවිත කරනු ඇති බවට පසුගියදා අදහස් පහළ විය.එම නව පනත මගින් සියලුම පෞද්ගලික ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට සැලසුම් කළ ද ඊට අදාළ තාක්ෂණය ප්‍රවර්ධනයට එහි භාවිත ට සඳහා යම් යම් ලිහිල් කිරීම් කෙරෙතැයි අපේක්ෂිතය.

එම සැලසුම් සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමගම ක්‍රිප්ටෝකරන්සි වටිනාකම් ඉන්දීය වෙළෙඳපොළෙහි පහත බැසීමකට ලක්වුණු බව වාර්තා වෙයි.

Back to top button