හන්තාන කදුවැටිය විනාශ වන අනවසර හෝටල් – පරිසර සංවිධානත් මුදලට විකිණෙයි

Unauthorized hotels that destroy the Hanthana mountain range - Why Environmental organizations' silence

හන්තානයේ සිදු කර ඇති භාවනා කුටි යැයි කියන ඉදිකිරීම් මෙන්න..!
භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..!
හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය නිහඬ ඇයි..?
කාගේ හයියෙන්ද මෙම වන විනාශ කරමින් නවාතැන්පල පවත්වාගෙන යන්නේ?
දේශපාලන පලිගැනීම් වලට සාවද්‍ය පුවත් මවන්නෙ ඇයි?
“හන්තාන සුරැකීමේ සංවිධානය” ඇතුලු පරිසර සංවිධාන මාධ්‍ය නාලිකා ඉදිරියේ කරනා මේ රග දැක්වීම කුමක්ද?

හන්තාන කදු වැටියේ පරිසරය විනාශ කරමින්, උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි ලෙස හුවා දක්වමින් ඉදිකර ඇති මෙම විශේෂ කුටි වල ඇත්ත වශෙයන්ම සිදු වන්නේ විදේශීය සංචාරකයින් සඳහා එම කුලියට කාමර පහසුකම් ලබා දෙමින් පවත්වාගෙන යන අනවසර හෝටලයකි.

ඔයාලට මතක ඇති පසුගිය දවස්වල හන්තාන කදුවැටියේ පුද්ගලික ඉඩමක මාන පදුරු සුද්ධ කිරීමක් මූලික කරගෙන “හන්තාන සුරැකීමේ සංවිධානය” ඇතුලු පරිසර සංවිධාන රැසකින් විශාල පෙරලියක් කරා. ඒත් ඒ අසලම ඇති මේ, ආරාමයක් යන මුවාවෙන් සිදු කරගෙන යන මුදලට නවාතැන් ගැනීම සදහා කාමර පහසුකම් සපයන හෝටලය පිලිබදව ඔවුන් කිසිදු කතාවක් හෝ සොයා බැලීමක් සිදු නොකලේ මෙම අනවසර ඉදිකිරීමට මූලික වූවන්ගෙන් “හන්තාන සුරැකීමේ සංවිධානය” ඇතුලු පරිසර සංවිධාන වෙත ලැබෙන වංචනික මුදල් කුට්ටි නිසා විය හැක. තව දුරටත් සොයා බැලීමේදී උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනය, ස්ප්‍රින්හිල් වත්ත, හන්තාන, මහනුවර යන ලිපිනයෙහි ඇති මෙම ඉඩමෙහි කිසිදු ඉදිකිරීමක් සදහා මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවද දැනට ඉදිකර ඇති තනිමහල් සහ දෙමහල් ගොඩනැගිලි ඉදිකිරීමට හෝ කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව හෙලි විය.

හන්තාන රක්ෂිතයේ ඉදිකිරීම් සිදු කිරීම, හන්තානය සුරැකීමේ නීතියට අනුව සපුරා තහනම්ව තිබියදී මහනුවර උල්පත් කන්ද ආරණ්‍ය සේනාසනය මැදිහත් වී එම රක්ෂිතයේ මෙම ස්ථිර ඉදි කිරීම් සිදු කළේ කෙසේද යන ප්‍රශ්නය මතු වන අතර පාරිසරික නීති රීති උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධානය මුණිවත රකින්නේ මන්දැයි එම ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
එමෙන්ම පසුගිය කාලයේ විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් වන අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අයත් හන්තාන රක්ෂිතයේ ඇති ඉඩමක ගස් කපා පරිසරය විනාශ කලා යැයි චෝදනා නගමින් ඔහුගේ දියණිය වන අධිනීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට මඩ ප්‍රහාර මාලාවක් එල්ල කරේද ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සමග සබදතා පවත්වන මෙම අනවසර ඉදිකිරීම් සිදුකර තිබෙන අයවලුන් විසින්ය. දේශපාලන පලිගැනීමක් ලෙස සාවද්‍ය කතාවක් නිර්මාණය කරමින් එම මඩ ගැසීම් සිදුකලේ මොවුන්ගේ මෙම අනවසර ඉදිකිරීම් යට ගසා ගැනීමට වේ. එමෙන්ම තවත් මාධ්‍යයට හසු නොවූ හන්තාන රක්ෂිතයේ ඇති අනවසර ඉදිකිරීම 15 කට අධික ප්‍රමාණයක් තිබෙන බවට තොරතුරු සොයා බැලීමේදී අපිට අනාවරණය විය. බලධාරීන් මෙන්ම හන්තාන රක්ෂිතය සුරැකීමේ සංවිධාන මුදලට යට වී මේ පිලිබද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්න නිසා පරිසරයට ආදරය කරන හා මහනුවරට ආදරය කරන මිනිසුනි මේ පිලිබදව සොයා බලන්න.

Exit mobile version