ගොසිප් පුවත්

රංගනයෙන් ජීවත් වෙන්න අමාරුයි මම පෙම්වතෙක් – ජනප්‍රිය රංගන ශිල්පී ගෙවින් අභිෂෙක්

ප්‍රවීන රංගන ශිල්පී චින්තක කුලතුංගගේ ආදරණීය පුත්‍රයා ගෙවින් අභිෂෙක් ආනන්ද අබේනායකගේ ලස්සන කතා මාලාවක් වන ‘පීතෘ’ ටෙලි කතාවට රංගනයෙන් දායක වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු පිත්තල කොණ්ඩෑරුම, ඉස්කෝලේ කාලේ වැනි ටෙලිනාට්‍යය වලත් රංගනයෙන් දායක වුණු දක්ෂ රංගන ශිල්පියෙක්. පොඩි කාලේ ඉදලා කලා කටයුතු වලට තාත්තා ඔහුව එක්කන් ගියත් කලාව ගැන යම් අවබෝධයක් ලැබිලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය නාට්‍ය හා රංගකලාව තෝරා ගැනීමෙන් පසුවයි.

ඉතින් 2020 වසරෙදි ‘සුළග මහමෙරක’ ටෙලිනාට්‍යයේ ගෙවින් රංගනයෙන් දායක වෙලා තිබෙන අතර ඒ චරිතය සම්මානයට පවා නිර්දේශ වුණා. අද වෙනවිට රංගනය වෘත්තීය කරගෙන යන ගෙවින් සදහන් කරන පරිදි රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙන්න අපහසුයි කියලා. රංගනය තුළ දැනෙන හැගෙන චරිත අභියෝගයක් විදියට ගෙවින් තෝරා ගන්නවා. ඉතින් ඔහු රංගනයෙන් දායක වුණු පීතෘ ටෙලිනාට්‍යයේ චරිතය ගැන ඔහු පුවත් පතකට සදහන් කලේ මේ විදියටයි.

” ශානක කියන චරිතය තමයි මම කරන්නේ. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ගෞරිගේ පෙම්වතා. මේ කතාව පටන් ගන්නෙම වෙනස් තැනකින්. සමාජයේ අහන්න දකින්න ලැබුණට අපි කතා කරන්නේ හරිම අඩුවෙන්. 2000න් පස්සෙ ඉපදුණු අයට කියන්නේ මිලේනියම්ස්ලා. ඒ ගොල්ලෝ තාක්ෂණය නිස මග හරව ගත්ත දේ බොහෝමයිනේ.”

ඉතින් ගෙවින් මේ වනවිට පෙම්වතෙක්. ඔස්ට්‍රේලියාවේ වැඩි දුර අධ්‍යාපනයට ගිය ගෙවින්ට ලංකාවට එන්න ඕන වුණේ ඒ රටේ ඒකාකාරී බවයි කලාවේ වැඩ කටයුතු වලට කල ඇල්ම නිසයි. ඉතින් මේ හේතූන් නිසා තමයි ගෙවින් ලංකාවට එන්න තීරණය කරන්නේ.

ඉතින් චින්තක කුලතුංග කියන්නේ පසුගිය කාලයේදී ජනප්‍රිය වුණු සිනමා නිර්මාණයක් වන ‘ජංගි හොරා’ චිත්‍රපටයේ රංගනය කල දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් චින්තකගේ පුතෙක් තමයි ගෙවින් අභිෂෙක් කියන්නේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post රංගනයෙන් ජීවත් වෙන්න අමාරුයි මම පෙම්වතෙක් – ජනප්‍රිය රංගන ශිල්පී ගෙවින් අභිෂෙක් appeared first on FoxMedia.

Back to top button