දේශීය පුවත්

දරුවන්ගේ නතර වී ඇති ඉගැන්වීම්වලට අලුත් විසඳුමක් දුන් ගාල්ලේ ගුරුවරු. (Video)

මේ වනවිට නතර වී ඇති ඔන්ලයින් අධ්‍යාපනයට විසඳුමක් ලෙස ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක්, මෝටර් රථවල සිට සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ නව වැඩපිලිවෙලක් ඊයේ (23) ආරම්භ කර තිබුණි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණේ, වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයෙන් දින 13ක සිට පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය නතර වී ඇති පසුබිමකය.

ඒ අනුව ගාල්ල අවට පාසල්වල ගුරු මණ්ඩලයක් එක්ව ඊයේ සිට අපොස සාමාන්‍ය පෙළ දරුවන් මුලික කරගනිමින් මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කර තිබුණි.

අක්මීමන කදුරුදූව ප්‍රදේශයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලු දරුවන් මෝටර් රථ ,ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවල සිට සම්මන්ත්‍රණයට සහභාගීවීම විශේෂත්වයකි.

ඒ අනුව, 9,10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විෂය නිර්දේශ මෙමගින් ආවරණය කිරීම මෙම ගුරුවරුන්ගේ අපේක්ෂාවය.

Back to top button