ගොසිප් පුවත්දේශීය පුවත්
ඉන්ධන මිල වෙනස් වෙයිද ?

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල විචලනය වුවද මෙරට තුළ ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විචලනය වන ඉන්ධන මිල පොදු ප්‍රවාහන සේවා භාවිතකරන බහුතරයක් ජනතාවට තදින් දැනෙන සුළු බැවින් රජය මෙම තීරණය ගත් බවත් ඒ අනුව ස්ථායිකරණ අරමුදලක් බිහිකිරීම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදු කෙරෙමින් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට, ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම 35% ක් දුම්රිය මගින්ද, 65% බවුසර් මගින්ද සිදුවන අතර ඉදිරියේදී දුම්රිය ගමනාගනය ඔස්සේ ඛනිජ තෙල් ප්‍රවාහනය 60% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙයි.