දේශීය පුවත්
කොවිඩ් ආසාදිත මව රෝහලින් ගෙනගිය පුත්‍රයා සොයාගනියි

කොවිඩ් ආසාදිත 25 හැවැරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිටි තම පුත්‍රයාද සමග කොළඹ අයි.ඩී.එච්. රෝහලින් ඊයේ (19දා) පළාගොස් තිබේ.
මෙම ආසාදිත කාන්තාව අදාළ පුත්‍රයා තම ඥාතී නිවසකට භාර දී ඇති අතර පසුව පොලීසිය මැදිහත්ව එම පුත්‍රයා සොයාගෙන තිබේ. ආසාදිත මව සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ආසාදිත පුත්‍රයා අයි.ඩී.එච්. රෝහලට යළි රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.