විශේෂාංග

පරණ දේවල් හිතේ තියාගන එයා එක්ක තාමත් රණ්ඩු වෙනවද?

ආදරේ ටික ටික පරණ වෙද්දී ඒ ආදරේ එහෙම්මම තියාගන්න කරන්න ඕනේ මොනවද කියලා ඒ කවුරුත් කතා කළේ නැහැ. ඉතින් මේ ලබාගත්ත ආදරේට කිසිම හානියක් නොවී පරණ විදිහටම ඔයාගේ සහකරු / සහකාරිය සමග සෞඛ්‍ය සම්පන්න සහ දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන පවත්වාගන්න අවශ්‍යවන මූලික හා ප්‍රයෝජනවත් පියවර පහක් අපි ඔයාට කියලා දෙන්නම්.

පියවර 1 : ඔයා ගැන දැනගන්න.

ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු තමන් ගැන දැනගන්න කලින් අනුන් ගැන දැනගන්න උත්සහ කරනවා. තමන් කවුද , තමන්ට මොනවද ඕනේ කියලා සොයා ගන්න කාලය ගන්න කලින් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ජීවිත කාලය පුරාවටම තියෙන සම්බන්ධතාවයට අවශ්‍ය දේ සහ ඒකෙ ඉලක්ක ගැන අධ්‍යනය කරනවාට වැඩිය ටික කාලයකට පාවිච්චියට ගන්න මෝටර් රථය ගැන අධ්‍යනය කරන්න, හොයන්න වැඩි කාලයක් ගන්නවා. ඉතින් පළවෙනි පියවර ස්වයං සොයා ගැනීම.

ඒත් කොහොමද ඒක කරන්නේ?

මුලින්ම ඔයා ඔයාගෙන් අහන්න ඕනේ ” ඇයි මට සම්බන්ධතාවයක් අවශ්‍යය?” මම මගෙන්ම හෝ යම් දෙයකින් පැන යනවාද ? නැතිනම් මගේ ජීවිතය බෙදාගන්න, සාර්ථක පවුල් ජිවිතයක් පටන්ගෙන පරණ මතකයන් මතක් කරමින් වයසට යන්න සහකාරියක් හෝ සහකාරයෙක් ලබාගන්න මගේ තියෙන ආශාව පස්සේ මම හඹා යනවාද ? කියලා. සමහරවිට ඔයාට සම්බන්ධතාවයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ හේතු නිසා වෙන්නත් පුළුවන්.

සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න අරමුණ සොයගත්තාට පස්සේ ඔයාගේ අරමුණු ගවේෂණය කරන්න ඕනේ. ඒකට ඔයාගේ අරමුණම තියෙන සහකාරයෙක් හෝ සහකාරියක් ඉන්න එක වැදගත් වෙනවා. හිතලා බලන්න ඔයාට ඕනේ දිගුකාලින එකිනෙකාට කැපවුණ සම්බන්ධතාවයක්ද නැත්තම් කෙටි කාලින අවශ්‍යතාවයට විතරක් සම්බන්ධතාවයක්ද කියලා. ඔබේ අපේක්ෂාවන් සහ සාරධර්ම ද සලකා බලන්න ඕනේ වැදගත් සංකල්පයක්.

පියවර 2: සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් හඳුනා ගන්න.

ඔයාට සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා තේරුම්ගත්තායින් පස්සේ හොඳ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් සොයා ගන්නේ කොහොමද කියලා අපි බලමු. සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක්, එකිනෙකාට බැඳුණු සම්බන්ධතාවයක් වගේම අහිතකර සම්බන්ධතාවයක් එකිනෙකාට යැපුණු හෝ බැඳුණු සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ.

නොබැඳුණු සම්බන්ධතාවයකදී දෙදෙනාම එයාලගේ අනන්‍යතාවය සහ චිත්තවේගීය අවශ්‍යතා සපුර ගන්න විතරක් එකිනෙකා මත රඳා පවතිනවා. ටිකක් පැහැදිලි කළොත් එකම දිශාවකට යන්න එක බෝට්ටුවක් පදින දෙන්නෙක් ගන්න. දෙදෙනාටම එකම පැත්තකට හබල් ගාන්න සිද්ධ වෙනවා. එයාලට වෙනම පුද්ගලයන් දෙන්නෙක් විදිහට ක්‍රියා කරන්න බැහැ. සීමාවන් බොඳ වෙලා අනන්‍යතා නැති වෙලා යනවා. ගෘහස්ථ හිංසනය සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වගේ ප්‍රශ්න තියෙන පවුල් ඇතිවෙන්න මේ නොබැඳුණු සම්බන්ධතා හේතුවෙනවා.

එකිනෙකට බැඳුණු සම්බන්ධතාවයක් කියන්නේ දෙදෙනාම තනි තනිව සම්පුර්ණ වුණු සම්බන්ධතාවයන්. එයාලා කවුද කියලා එයාලා අඳුනගෙන ඉන්නවා වගේම ස්වාධීන ජීවන රටාවක් ඇති කර ගෙන තියෙනවා. දැන් එයාලා ස්වාධීන ජීවිතයක් නිර්මාණය කළ වෙනත් කෙනෙක් එක්ක එයාලගේ ජීවිත බෙදා ගන්න සුදානම්. ඉතින් තමන්ගේ අනන්‍යතාවය පවත්වාගෙන යන ගමන්ම පවුල් ජිවිතයක් ආරම්භ කරන්න එයාලා සුදානම්.

පියවර 3: ස්ත්‍රී පුරුෂ භාවයේ ඇති වෙනස්කම් තේරුම් ගන්න

දැන් ඔයා ඔයාගේ ගැළපෙන සහකාරයා හෝ සහකාරිය හොයාගෙන අවසන්. දැන් ඔයාලගේ ලිංගභේද යේ විදිහට ඔයාලට ආවේණික වෙනස්කම් තේරුම් ගන්න එක වැදගත් වෙනවා. කෙටියෙන් ගත්තොත් භෞතික විද්‍යාත්මක, වාචික හා සමාජීය විදිහට ප්‍රධාන වෙනස්කම් තුනක් තියෙනවා. ඒ හැම වෙනස්කමක්ම සන්නිවේදනය ගැන සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.

මනෝ විද්‍යාත්මක: පුරුෂයින් සහ කාන්තාවන් මොළයේ නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය නිසා එදිනෙදා දේවල් වලට වෙනස් විදිහට ප්‍රතිචාර දක්වනවා. ඉතින් මනෝ විද්‍යාත්මකව සිද්ධ වෙන මේ දේවල් නිසා දෙදෙනා අතර ගැටුම් ඇතිවෙනවා. මේ ගැන තව ටිකක් වැඩිදුර අධ්‍යනය කරලා තමන්ගේ සහකරුට හරි සහකාරියට හරි මෙහෙම වෙන්න මනෝ විද්‍යාත්මක හේතුව මොකද්ද කියලා තේරුම්ගත්තොත් මේ ප්‍රශ්න වලක්වගන්න හරි ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න හරි ඔයාට පුළුවන්. දෙදෙනාම මේ වෙනස ගැන දැනුවත් නම්, මේ විදිහේ ගැටුම් ඇතිවෙන්නේ නැතිවෙයි.

වාචික: සන්නිවේදනය කරද්දී පිරිමි ප්‍රධාන කරුණු ගැන අවධානය යොමු කරනවා වගේම කාන්තාවන් තොරතුරු ගැන අවධානය යොමු කරනවා. ඉතින් මේ වෙනස මග හැර ගන්න නම් සන්නිවේදනයේදී පුරුෂයා කාන්තාවගේ ගැටළු වලට හා තත්ත්ව වලට, එයාගේ අවශ්‍යතාවය මොකද්ද කියලා ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ වගේම ස්ත්‍රියත් තමන්ගේ පුරුෂයා ගේ අවධානය යොමු කරන එක ගැන තේරුම් ගන්න වෙනවා. සමහරවිට ඇයට අවශ්‍ය වුණේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න විතරයි කියලා ඔයාට තේරුම් යයි.

සමාජ: පොඩි කාලේ ඉදන්ම පිරිමි සහ ගැහැණු ළමයින් වෙනස් විදිහකින් සමාජගත වෙනවා. පිරිමි ළමයි හතර පස් දෙනෙක් එකට සෙල්ලම් කරද්දී ගැහැණු ළමයින් දෙන්නෙක් විතරක් එකට සෙල්ලම් කරනවා ඔයත් දැකලා ඇති. මේ වගේ වේලාවක පොඩි රණ්ඩුවක් වෙලා පිරිමි ළමයින් ගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අයින් වුනොත් එයාලට සෙල්ලම් කරන්න ඒ කණ්ඩායමේ තව කට්ටිය ඉන්නවා. නමුත් ගැහැණු ළමයින්ට ඕක සිද්ධ වුණොත් අනිත් ගැහැණු ළමයාට තනියම සෙල්ලම් කරන්න වෙනවා. මේ සමාජගත වීමේ චර්යාව පවුල් ජීවිතයට සම්බන්ධ කරලා බලද්දී උදාහරණයක් විදිහට ස්වාමිපුරුෂයා සහ භාර්යාව රුපවාහිනිය නරඹමින් ඉන්නකොට ඇය එක්ක ලොකු සම්බන්ධතාවයක් ස්වාමිපුරුෂයාට දැනුණත්, බිරිඳට සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඊටවඩා අන්තර් ක්‍රියාකාරිත්වයක් ඕනේ වෙනවා. ඇයට තමන්ට අවධානයක් නොලැබී ඇති බවක් දැනෙනවා.

පියවර 4: ඵලදායි සන්නිවේදන කුසලතා ඉගෙන ගන්න.

ගොඩක් ආදරවන්තයින් ප්‍රශ්න එක්ක පොරබදිනවා . ප්‍රශ්න වලට බයයි, එහෙමත් නැතිනම් ප්‍රශ්න වලින් පැනලා යනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ එයාලා ප්‍රශ්නය වරදවා වටහාගන්න නිසයි. ගැටුමක් කියන්නේ කෙනෙක්ගේ උවමනා එපාකම් ඉෂ්ට වෙන්නේ නැති උනාම සාමාන්‍යයෙන් දෙන්නගේ අදහස්, දැක්ම, විශ්වාස අතර එකඟ නොවීමක්. ගැටුම දුර දිග යන්න හේතුව වෙන්නේ ඒකට බැඳිලා තියෙන ප්‍රබල හැඟීම්. ඉතින් මේ ගැටුම් වලටත් සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නම්.

වර්තමානයේ ඉන්න, අලුත් ප්‍රශ්න විතරක් විසදන්න. පැය 24 ට වඩා පරණ හැම ප්‍රශ්නයක්ම අයිති වෙන්නේ කුණු කුඩේට කියලා තේරුම ගන්න.

  • එක පාරකට එක ප්‍රශ්නයක් විසදන්න.
  • ගැටුමේ ඔයාගේ කොටසේ වගකීම ගන්න.
  • ඔයාගේ හැඟීම වලට සෘජු හා අවංක වෙන්න.
  • බාධා කිරීමක නොකර ඔයාගේ සහකාරයා හෝ සහකාරියට සවන් දෙන්න.
  • හැඟීම් ප්‍රකාශ කරන්න දෙන්නටම සමාන කාලයක් ලබාගන්න.
  • තර්කය දිනන එක ගැන නැතුව ප්‍රශ්නේ විසඳගන්න එක ගැන අවධානය යොමු කරන්න.
  • සාකච්ඡා කරන්න.
  • ඔයාගේ සාකච්ඡාව මිනිත්තු 30 ක කාලයකට සීමා කරන්න, ඊට වඩා වැඩි වුණොත් දෙන්නටම ඉවසීම නැතිවෙලා ප්‍රශ්නෙන් පිට කතාවක් ඇතිවෙලා සම්බන්ධතාවය පළුදු වෙන්න හේතු වෙයි.

 

Back to top button