ක්‍රීඩා පුවත්

ස්ටීව් ස්මිත් ගෙන් වේගවත් ශතකයක්

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිය වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කිරිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (27) සමත් විය.

ඒ සිඩ්නි හිදී මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායමට එරෙහිව ලකුණු 374ක් ලබා ගනිමිනි.

AV Rase

එම ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් ලකුණු 114ක් ලබාගත් අතර ස්ටීවන් ස්මිත් වේගවත් ශතකයක් වාර්තා කරමින් පන්දු 66 කදී ලකුණු 105ක් ලබාගත්තේය.

ස්මිත්ගේ ශතකය ඔස්ට්‍රේලියානු එක්දින පිතිකරුවෙකු ලබාගත් තෙවන වේගවත්ම ශතකය විම ද විශේෂත්වයකි.

ඩේවිඩ් වොනර් ලකුණු 69ක් සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 19කදී ලකුණු 45ක් රැස් කිරිමට සමත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button