දේශීය පුවත්

මහනුවර රෝහලේ අක්ෂි සායනය තාවකාලිකව වසා දමයි

මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා එම ඒකකය විෂබීජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

එනමුත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් එම අංශයේ අනිකුත් කාර්‍ය මණ්ඩලය අද දින පි සි ආර් පරික්ෂණයන්ට ලක් කරන බවද අධ්‍යක්ෂවරිය පැවැසිය.

එම අංශය විෂබීජහරණය කරන නැවත අරඹන තුරු තාවකාලිකව එම අංශයට නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරිය පැවැසිය.

Leave a Reply

Your email address will not be published.

Back to top button