ගොසිප් පුවත්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වැඩ භාරගනී

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

2022 මැයි 20 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ඇයව එම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට පියවර ගත්තා.

ශ්‍රී ලංකා විදේශ සේවයේ විවිධ ක්ෂේත්‍ර වල කටයුතු කළ ඇයට වසර 34ක පළපුරුද්දක් ඇති බව සඳහන්.

එමෙන්ම මීට පෙර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවලද සේවය කර තිබෙනවා.

අවසන් වරට ඇය රාජකාරි සිදු කළේ ප්‍රතිපත්ති සම්පාදන ආයතනයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙසයි. (colombotimes.lk)

Viber

The post විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වැඩ භාරගනී appeared first on Colombo Times.

Back to top button