දේශීය පුවත්

රෝහලෙන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම්

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මවක්, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

AV Rase

එහිදී ඇගේ දරුවා නිවසේ සිටි ඥාතීන් වෙත භාරදී සිටිය දී ඊයේ (20) සොයාගැනුණි.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව තවදුරටත් අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

කෙසේවෙතත් ඇය බස්රථයකින් බැසගොස් කිරිඇල්ල නගරයට යාබද කැලෑබඳ ප්‍රදේශයක සැඟව සිටින බවට තොරතුරු ලැබීමත් සමග ඇයව සොයා මේවනවිටත් පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button