ක්‍රීඩා පුවත්

ඔස්ට්‍රේලියනුවන්ව පිටිය මැද අසරණ කරමින් එංගලන්තය සුපිරි ජයග්‍රහණයක් වාර්තා කරයි – ශ්‍රී ලංකාවටත් තවත් අවස්ථාවක් විවර වෙයි.!

මෙවර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානතරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරඟ වටයේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අද පැවති තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය ඊයේ(30) සමත් වුනේ අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් විවර කරමිනි

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එංගලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අතර, එහි ප්‍රතිපලය වූයේ ඔස්ට්‍රේලියානු පිලේ සියලු දෙනා පන්දුවාර 20 තුළ ලකුණු 125කට දැවී යාමයි.

ඉනිමේ සිව්වන කඩුල්ල ලකුණු 21ක්ව තිබියදී බිද වැටුණා. ඔස්ට්‍රේලියාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නායක ආරෝන් ෆින්ච් ලකුණු 44ක් රැස් කළා.නම් දැරූ පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී ඇෂ්ටන් ඒගාර් ලකුණු 20ක් ද, පැට් කමින්ස් ලකුණු 12ක් ද ලබා ගත්තේ හයේ පහර දෙක බැගින් එල්ල කරමින්. මැතිව් වේඩ් ලකුණු 18ක් හා මිචෙල් ස්ටක් ලකුණු 13ක් ලබා ගත්තා.

england vs australia t20
england vs australia t20

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 17කට 3ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා Tymal Mills අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ලකුණු 126ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 11.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

එංගලන්තය පළමු පන්දුවාර 6 තුළ දී (පවර් ප්ලේ) ලකුණු 66ක් වාර්තා කිරීම විශේෂත්වයක්. එය මෙවර ලෝක කුසලානයේ පළමු පන්දුවාර 6 තුළ දී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් අති දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස් කළේ පන්දු 32කින්. පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් බිද හෙලුවත තරඟ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුයේ නෑ.කෙසේ නමුත් ඊයේ තරඟයෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහන සඳහන් වුයේ පහත පරිදිය,

Back to top button