රත්නපුර රෝහල් සේවකයින් කො’රෝනා මි’නියෙනුත් ගසා කනවලු

කොවිඩ් 19 ආසාදිත මෘතදේහය ආදාහනය කරගැනීම සදහා රත්නපුර මහ රෝහලේ සේවකයන් ඉතාමත් අසාධාරණ ලෙස මුදල් අයකරන බවට එම ඥාතිහු පවසති. එවැනි අත්දැකීමට මුහුණ දුන් රක්වාන කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ධර්මදාස මොරපිටිය මහතා මෙසේ පැවසීය.

කොරෝනා ආසාදිතව සිදු වූ මරණයක් බවට වෛද්‍යවරුන් විසින් තීන්දු කරන ලද මෘත දේහය ක ආදාහන කටයුතු සිදුකරන්නේ රජයේ වියදමින් බවට ජනතාවට පණිවිඩයක් දී තිබුණත් රත්නපුර මහ රෝහලේ එවැන්නක් සිදු වෙන්නේ නෑ. එහි සේවකයන් මරණ කරුවන්ගේ භාරකරුවන්ට හෝ ඥාතීන්ට දන්වා සිටින්නේ ආදාහනාගාර ගාස්තු වශයෙන් රුපියල් 8000ද ඔවුන් නම්කරන මල් ශාලාවකට ගොස් පෙට්ටියකට මුදල් ගෙවා රිසිට් පත් සුළු සේක ඕවසියස් මහතා වෙත ගෙනත් බාරදුන් පසු ආදාහන කටයුතු සිදු කරන බවයි.

මල් ශාලාවේ හිමිකරු රුපියල් 4500ක් පමණ වන පෙට්ටියකට රුපියල් 15000ක් අයකරන්ගෙන රිසිට් පතක් ඥාතීන් වෙත නිකත් කරන අතර එමගින් අධික මුදලක්ගසාකන බව පේනවා. මේ අයුරින් ගසා ගන්නා මුදල් ඒවාට සම්බන්ධ කිහිප දෙනෙක් අතරේ බෙදී යන බවට ඔහු අනුමාන කරන බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අනුර අලගියවන්න මහතා මෙසේ පැවසීය. කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයකුගේ ආදාහන ක්‍රියාවලිය සදහා කොපමණ මුදල් අය කරනවාද නැතිනම් එය රජයේ වියදමින් සිදුකරනවාද යන්න කියන එක රජයේ මගින් ජනතාව පැහැදිලිව දැනුවත් කළ යුතුයි. එසේ දැනුවත් කරන තුරු ජාවාරම්කරුවන්ගේ හා වංචාකරුවගේ ගසාකෑම් වලට අසරණ ජනතාව ගොදුරුවීම වැළැක්වීම අසීරු වන බවයි මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් විමසීමකදී ඔහු මෙසේ පැවසීය.මා දන්නා තරමින් කොවිච් මරණයක ආදාහන කටයුතු සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම රජයේ වියදමින්.

ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදු වන්නේ නැහැ.මෙතෙක් සිදුවූයේ ඒ අන්දමටයි. ඒත් මුදල් අයකිරිමේ ක්‍රමයක් ළඟදී ක්‍රියාත්මක වූවා දැයි මම දන්නේ නැහැ. කෙසේ වෙතත් සිදුවී ඇති සිද්ධිය ගැන මම විධිමත් සොයා බැලීමක් සිදුකරන්නම් යනුවෙනි.

(රක්වාන ඩබිලිවි.ඒ.සිරිසේන)

Exit mobile version