කෝරෝනා වසංගත රැලිත් සමඟ online මගින් අධ්‍යාපනය

රටක මහා වෘක්ෂ වැනි මිනිසුන් බිහි වීමට නම් අංකුරයේ සිට එය සරුවට වැඩිය යුතුමය. කුඩා කල සරු නොවන දෙයක් විසාල වු කල පුහු දෙයක් මිස ලාභ ප්‍රයෝජනය ලැබිය හැකි මට්ටමින් අපිට ලබා ගත හැකි දෙයක් නොමැත. වර්තමානයේ ලොව පුරා එක පිට එක පැමිණෙන කෝරෝනා වසංගත රැලිත් සමඟ ලොව පුරාම සිසුන් මාර්ගගත ක්‍රමය (online) මගින් අධ්‍යාපන හැදැරීම අාරම්භකර ඇත. අධ්‍යාපන වනාහි රටක ප්‍රධාන ජීවනාලිය හා සමානය. අපගේ රටේද වසරකට ආසන්න කාලයක් පාසල්, විශ්ව විද්‍යාල වල සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය බිඳ වැටි ඇති හෙයින් එකම විසඳුම ලෙස මෙම මාර්ගගත ක්‍රමය වෙත අප රටේ සෑම සිසුවකුම හා ගුරුවරයෙකුම පෙළඹි ඇත.

වර්තමානයේ ශ්‍රි ලංකාවේ මිලියන 21.8න් 65% වැනි පිරිසක් එදිනදා රාජකාරි මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කීරිමට පෙළඹි ඇත. මෙහිදි වත්මන් දරුවන්ගේ අධ්‍යාපනය දෙස බැලීමේදි තාමත් අප සිටින්නේ එය අසාර්ථක යැයි ගත හැකි පෙදේසේය. මා මෙය ලියන මොහෝතේදිද බහුතර ග්‍රාමීය ප්‍රදේශයන්හි ජීවත් වන දරුවන් බොහෝමයක් දැනටත් කිසිදු අධ්‍යාපනයක් ලබාගත නොහැකිව අසරන වී සිටිනු අපට දැක ගත හැකිය. එයට ප්‍රදානම හේතුව ලෙස අවශ්‍ය උපාංග ලබා ගැනීමට නොහැකි අති බහුතරයක් සිසුන් සිටී. එදාවෙල පමනක් සරි කරගත හැකි තත්වයක සිටින ⁣ඔවුන්ට දුරකථනයක්, ලැප්ටොප් පරිගනයක් වැනි දෑ මෙවැනි අදායම් පවා ලැබීම හිඟ වු කාලයක අතිශය අපහසු කාර්යයකි. තවද තුන්වෙනි පන්තියේ රටක් වන අ⁣ප රට තුල දුරකථන සංඥා රට පුරා ව්‍යප්ත වී ඇති අකාරයේ අකාර්යක්ෂමතාවයක්ද දැකිය හැකිය. තදාසන්න ප්‍රදේශ වල වුවද දුරකථන සංඥා ලැබීම වර්තමානය වන විට මන්දගාමී වී ඇත තත්වයක් පවති. ගම්බද පෙදෙස් වල දරුවන් බොහෝමයක් වෛරස් ආසාදනය ගැනද නොසිතමින් තමන්ට සංඥා ලබාගත හැකි ස්ථානයකට එක්කාසු වී අධ්‍යාපනය ලැබීමට පෙළඹි ඇත. බොහෝ දරුවන්ට පාඩම් අතරමැද මඟ හැරීම් වලට මුහුන දීමට සිදු වීම සුලබ වී ඇත. දරුවන් සේම ගුරුවරුන්ද මෙම තත්වයන්ට මුහුන දෙමින් සීටි.

රටක අනාගතය ගොඩනැගීමට නම් කුමන තත්වයක් මත හිඳ වුවද අධ්‍යාපනය සඳහා අවශ්‍ය දේ දීම රජයක් විසින් ඉටුකල යුතු ප්‍රධාන ක්‍රියාවලියකි. නැතහොත් තව වසර ගනනක් ඉදිරියට ගිය පසු මෙහි ආදීන වලට සැවොම මූන දීමට සිදුවනු ඇත. දරුවා කෙතරම් දක්ෂ වුවද අධ්‍යාපන ලබා ගැනීමේ මන්පෙත් අවහිර වීම නිසා එය ඔවුන්ගේ අනාගතයම අඳුරට ඇද දැමීමකි. ලොව ප්‍රධාන පෙලේ රටවල් දැනටමත් ඔන්ලයින් අධ්‍යාපනයට නිසි ආකාරයෙන් මූන දෙමින් ගැටලු විසදමින් පවති. චීනය වැනි රටවල් මසක් තුල stencent meeting / C C talking වැනි ඇප් හරහා රටේම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය අතිශය සාර්ථක ලෙස ක්‍රියාත්මක කීරිමට කටයුතු යොදන ලදී. දැනට වසරකට වඩා වැඩි කලක් ගත කරද අප රට තාමත් ඉතාමත් පහල මට්ටමක මෙම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය භාවිත⁣ කරන ආකාරයක් දිස් වේ.අප රටද මේ වසංගත තත්වය මත දරුවන්ගේ අධ්‍යාපනය අතහැර දැමුව හොත් අනාගතේ හිතනවාට වඩා අඳුරකට අපව රැගෙන යනු ඇත. අවශ්‍ය මොහෝතේ ක්‍රියාමාර්ග ගත නොගත හොත් පසුව දුක් වී පලක් නැත අප. විනෝදාස්වාදය මුලික කරගෙන ජනතාව අතරට එන “පොල්කරූ” නම් යු ටියුබ් නාලිකාව ඔස්සේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ දෝෂ පිලිබඳව ඉතා හරවත් ලෙස තේරූම් යන ආකාරයේ වීඩියෝවක් නිර්මාණය කර ඇත. විනෝදාස්වාදයෙන් එහාට ගොස් ඇත්ත තත්වය පෙන්වීමට ගත් ක්‍රියාමාර්ගට බෙහෙවින්ම තුති පුදමි.එය නරඹා අදාල පාර්ශව විසින් දැන්වත් යුහුසුළු තීරණ ගනීවා කියල අප බලාපොරොත්තු වෙමු.

Exit mobile version