ගොසිප් පුවත්

මගේ පෙම්වතා වෛද්‍යවරයෙක්, අපි ඉක්මනට විවාහ වෙලා විදෙස්ගත වෙනවා-ජනප්‍රිය නිලි දුෂී ප්‍රභා

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන පිච්ච මල සුවඳයි ටෙලි නාට්‍යයේ රෝහිණීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දුෂී ප්‍රභා ඉලංගකෝන් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය බදුල්ලේ ඉපදිලා එහිම හැදී වැඩුණු කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම හාලි ඇළ මධ්‍ය මහ විදුහලෙන් තමයිලු ඇය අධ්‍යාපනය හැදෑරුවේ. ඒත් එක්කම ඇය ඉස්කෝලෙ යන කාලේ වේදිකාවට සම්බන්ධ වෙලා සමස්ත ලංකා, යෞවන සම්මාන උලෙළවල් නියෝජනය කර කුසලතා සම්මාන ලබලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පාසලේදී නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට හැදෑරුවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය ප්‍රසිද්ධ වේදිකාවේ මුල්වරට රංගන දායකත්වය ලබා දුන්නේ ප්‍රේක්ෂකයන් බොහෝ ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වන ජයසේකර අපෝන්සුගේ තටු කියන නාට්‍යයටලු. ඒ වගේම ඔහුගේම ‘සීතා මං ආවා’ චිත්‍රපටය තමයිලු ඇයගේ සිනමා ප්‍රවිශ්ටය වුනෙත්. ඉතින් ඊට පස්සේ චන්දන එදිරිසිංහගේ ‘ෂෙලීනා’ නාට්‍යයේ පාරමී ලෙස උප ප්‍රධාන චරිතයක් ඇයට ලැබුණාලු. තව ඇය ‘ගුත්තිල’ කියල රජ කතාවක මල් කෙල්ලකගෙ චරිතයකුත් කළා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ සිරස තරු මංසල වැඩසටහන හරහා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇය බදුල්ලේ නිසා ඇයගේ අධ්‍යාපන කටයුතුත් එක්ක නිතරම කොළඹ එන්න බැරි වීමෙන් ඒ ලැබුණු බොහෝ අවස්ථා මඟ හැරුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට කාලෙකට පස්සේ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වුණු ‘අපේක්ෂා‘ ටෙලි නාට්‍යයේ අංජුලාගේ චරිතය තමයිලු ඇයව නැවතත් පුංචි තිරයට ගෙනාවේ. ඉතින් ඒ වගේම ‘මංදාරමෙන් එහා‘ ටෙලි නාට්‍යයේ තමයිලු ඇයට උප ප්‍රධාන ද්විත්ව චරිතයක් ලැබුණේ.

ඉතින් ඒ වගේම ඇය 2015 වසරේදී හෙද වෘත්තිය සඳහා විදෙස්ගත වුණාලු. ඊට පස්සේ ඇය අවුරුද්දකින් වගේ ලංකාවට ආවේ නැවත යන්න බලාගෙනලු. නමුත් යන්න බැරි වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඊට පස්සෙ ආයිමත් ඇයට රංගනයට අවස්ථාව ලැබුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු සුරංග සතුරුසිංහගේ නාටක මාරයි නවයහ මාරයි කියන විනෝදාත්මක ටෙලි නාට්‍ය හරහා. ඒ වගේම ඇය හරි ආසයිලු සීරියස් ඩ්‍රාමාවලට. ඒ වගේම රෙදි හැට්ට අඳින පැරණි ගැමි චරිතයක් රඟපෑමේ සිහිනයක් තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ආදරයට ඇයත් ආදරෙයිලු. ඒ වගේම ඒක ප්‍රේම සම්බන්ධයකින් පටන් ගත්තත්, ප්‍රපෝසල් එකකින් පටන් ගත්තත් අවංකකම, හොඳ ගතිගුණ තියෙනවානම් විවාහයට බාධාවක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයගේ පෙම්වතා වෛද්‍යවරයෙක්ලු. ඒ වගේම ඔවුන් ලබන අවුරුද්දෙ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම විවාහයෙන් එයාලා විදෙස්ගත වීමට හිතාගෙන ඉන්නවාලු. හැබැයි එහෙම ගියත් ඇය කලාව අතහරින්නේ නැහැලු. ඉතින් ඉදිරියේදීත් ඉඩ ලැබෙන විදියට හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මගේ පෙම්වතා වෛද්‍යවරයෙක්, අපි ඉක්මනට විවාහ වෙලා විදෙස්ගත වෙනවා-ජනප්‍රිය නිලි දුෂී ප්‍රභා appeared first on FoxMedia.

Back to top button