ගොසිප් පුවත්

ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නවතී

මේ වනවිට දිවයින පුරා පවතින පෞද්ගලික ඔසුසැල් සඳහා අවශ්‍ය ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා.

ඉන්ධන නොමැතිවීම නිසා ඖෂධ තොග පෞද්ගලික ඔසුසැල්වලට ප්‍රවාහනය කිරීම ගැටළුවක් වී ඇති බවයි සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ.

මේ අතර ඔහු සඳහන් කරන්නේ ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි.(colombotimes.lk)

Viber
colombotimes.lk

The post ඖෂධ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නවතී appeared first on Colombo Times.

Back to top button