විදෙස් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් වෙයි

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සිය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා තෝරාගත් අයගේ නම් ප්‍රසිද්ධ කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනි බ්ලින්කන් පත්කිරීමට නියමිත බවත් දේශගුණ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන ජෝන් කෙරී පත්කිරීමට නියමිත බවය.

AV Rase

අමෙරිකා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස ඇව්රිල් හයින්ස් පත්කිරීමට නියමිත අතර ඇය එම තනතුරට පත්වන පළමු අමෙරිකානු කාන්තාව ලෙස ඉතිහාස ගතවනු ඇත.

මේ අතර ජෝ බයිඩන් හට ජනාධිපතිධුරය භාරගැනීම සඳහා වන බල හුවමාරුවට ඉඩදීමට තමා සූදානම් බව අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

දේශපාලන විචාරකයින් පවසන්නේ, ට්‍රම්ප් සිය මැතිවරණ පරාජය පිළිගැනීමේ පළමු පියවර මෙය බවය.

ඒ අනුව, ජනවාරි 20 වනදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට අදාළව මෙතෙක් ඇනහිට තිබු බොහෝ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button