Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Do-you-sweat-a-lot
පිරිසුදුකමත් පිළිවෙළත් ගැන හිතන සමහර තරුණියන් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වය නිසා සිතින් ගොඩක් පසුතැවිලි වෙනවා. සමහරු මෙය සාමාන්‍ය තත්ත්වයක් කියා බැහැර කළ ද මෙම තත්ත්වය අධිකව පවතී නම් එය යම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන තත්වයක් බව ඔබ මතක තබාගන්න.එය සමහරවිට හයිපර්හයිඩ්‍රොසිස් නම් තත්ත්වය වන්නට ද පුළුවන්. ඒ නිසාම ඔබත් අධික ලෙස දහදිය දැමීමේ තත්ත්වයෙන් පීඩා විඳී නම් මේ විස්තරය ඔබට ගොඩක් වැදගත් වේවි.
හයිපර්හයිඩ්‍රොසිස් කියන්නේ කුමක්ද?
hyperhidrosi හෙවත් අසාමාන්‍ය ලෙස අධික දහදිය දැමීම බොහෝවිට අත්ල, පතුල සහ කිහිලිවලට ඇතිවත තත්ත්වයක්. මේ ස්ථානවල ස්වේද ග්‍රන්ථිවල සාන්ද්‍රණය වැඩියි. (high concentration of sweat glands) සාමාන්‍යයෙන් මේ තත්ත්වය වයස අවුරුදු 13-14 කාලයේ දී පටන් ගන්නා අතර වසර ගණනාවක් හෝ ජීවිත කාලය තුළම පැවතෙන්න පුළුවන්.ඒ නිසා පළමුව මේ තත්ත්වය හඳුනා ගත යුතුයි. සැලකිය යුතු තරම් දහදිය නිසා ඇඳුම් තෙත්වීම, එදිනෙදා ගේදොර වැඩ සහ රාජකාරි වැඩවලට බාධාවක් වීම, පෑනකින් ලිවීම, අතට අත දීම, රිය පැදවීම, තෙතමනය නිසා පාවහන් ගිලිහීයාම වැනි නොයෙක් අපහසුතාවලට මුහුණ දීමට මේ තත්වයේදී මුහුණ දෙන්න සිදුවෙනවා.මේ තත්ත්වය ඇතිවීමට ඒ පැහැදිලි හේතුවක් නැහැ. ඉඩියෝපැතික් හෝ නොහඳුනන හේතු(Idiopathic or Cause Unknown), සිත කැළඹුන අවස්ථා (Stress, Anxiety) R ආදියේ දී ද අධික ලෙස දහදිය දැමිම ඇතිවෙන්න පුළුවන්.
තවත් සමහර අවස්ථාවල දී වෙනත් හේතුවක් නිසා ඇතිවිය වෙන්න පුළුවන්.එනම් ස්නායුවල බලපෑම්, අන්තරාසර්ග පද්ධතියේ අසාමාන්‍යතා, නොයෙක් ආසාදිත අවස්ථා, සමහර ඖෂධ වර්ග, රසදිය විසවීම, ඇතැම් පිළිකා වර්ග ඒ අතර වෙනවා.මෙවැනි පුද්ගලයන්ට ඇතිවන අපහසුතා මොනවාද කියලා අපි බැලුවොත්අධික ලෙස දහදිය දැමීම නිසා සමේ රෝගවලට මුහුණ දීමට සිදුවන අවස්ථා වැඩියි. දිලීර සහ බැක්ටීරියා අසාදන (fungal and bacterial infections),, ඇඳුම් තෙත් වීම ගැන කනස්ස ල්ලට පත්වීම, ස්පර්ශ කිරීමට ඇති අකැමැත්ත, සමාජයේ හැසිරීමට පැකිළීම,ශරීරයේ ඇතිවන දුගඳ නිසා ඇතිවන කලකීරීම, රැකීරක්ෂා තෝරා ගැනීමේ දී පුද්ගලයන් සමඟ ආශ්‍රය අවම රැකියා තෝරා ගැනීම වැනි
අපහසුතා ඇතිවන්න පුළුවන්.
ඔබත් මෙම තත්වයෙන් පෙළෙනවානම් වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර සදහා යොමුවෙන්න.ඒ වගේම හැම විටම පිරිසිදුවට ඉන්න වගබලා ගන්න.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…