Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
සුව අරණ

ඔබටත් කොරෝනා කියලා සැකයිද?

අලුත් අවුරුද්දෙන් පස්සේ කොරෝනා වෛරසය පෙර නොවූ විරූ ලෙස පැතිරෙන්න පටන් ගත්තා. පුරවැසියන් බොහොමයක් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා විනෝද චාරිකා යන්නත්, උත්සව සංවිධානය කරන්නත් පෙළඹුනා. රට ලොක් ඩවුන් කළේ නැති වුණත්, සංචරණ සීමා පැනෙව්වේ නැති වුණත් මිනිසුන්ගේ වගකීමක් හා වගවීමක් නැතිකම හේතුවෙන් මේ වෙනකොට ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ විකෘති කොරෝනා තත්ත්වය වාතයෙන් පැතිරීම හේතුවෙන් පෙරට වඩා පුද්ගලයින් සෑහෙන ප්‍රමාණයක් වෛරසයට ගොදුරු වීම හා මරණයට පත්වීම දැන් සෑම දිනකම අපට අසන්නට ලැබෙනවා. සමහර විට මේ වෙනකොටත් ඔබ හෝ ඔබගේ ආසන්නතමයෙක් මේ කොවිඩ් වෛරසයට ගොදුරුවෙලා තිබෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපය ලංකාවට තීරණාත්මක කාලයක් වෙන්න පුළුවන්. දැන්වත් තමන්ගේ සහ අනුනගේ ආරක්ෂාව ගැන සිතා පුළුවන් උපරිමයෙන් කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිනවා.

ලංකාව තුළ මේ වෙනකොට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය තමයි උගුරේ වේදනාව හා අමතර ලක්ෂණ මතු වෙන්න කලින් නිව්මොනියා තත්ත්වය මතු වීම. මෙම වෛරසයේ භයානක තත්ත්වය තමයි තමන්ට මේ වෛරසය වැළදී ඇතිද යන්න හඳුනාගන්න හැකියාව ලැබෙන්නේ රෝගය ආසාදනය වී රෝගය උත්සන්න වුණාට පසුවයි. රෝගය උත්සන්න වූ විට ප්‍රතිකාර කරන්න අපහසු බැවින් ඔබට වඩාත් ප්‍රවේශම් වන්න.

තමන්ට වෛරසය මේ වෙනකොත් වැළදී ඇතිද යන්න දැනගන්න නිවසේදීම ස්වයං පරීක්ෂණයක් ඔබට කරගන්න හැකියාව තිබෙනවා. ඒ

  • ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්
  • ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගැනිය නොහැකි නම්
  • ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි
    ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
  • වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්

ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබෙන්නම් හැකි ඉක්මනින් රෝහල් ගත වී රෝගය පාලනය කරගන්න කටයුතු කරන්න.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago