Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
අරුම පුදුම

ඉස්හොරි ඔබට හිසරදයක්ද?

වෙළෙද පොළේ ඇති ඉස්හොරි (scurf,dandruff) මර්දන ෂැම්පු වර්ග ඛෙහෙවින් රසායනික් ද්‍රව්‍ය අඩංගු ඒවා බව ඔබ කොහොමත් දන්නවානේ. ඒ නිසා ඔබේ ඉස්හොරි සදහා ෂැම්පු වර්ගයක් වෛද්‍ය උපදෙස් මත තෝරා ගැනීම වඩාත් වැදගත් වෙනවා. එසේම ඒවායේ සදහන් කර ඇති උපදෙස් කියවා ඒ අනුව ෂැම්පු වර්ග පාවිච්චි කළ යුතුයි. මෙවැනි ෂැම්පු වර්ගයක් නිතර පාවිච්චි කිරිමද නොකළ යුතුයි. සති දෙකකට හෝ තුනකට වරක් මෙවැනි ෂැම්පු වර්ගයක් පාවිච්චි කිරිම ප්‍රමාණවත් වෙනවා.

කෙනෙකුගේ සිරුරේ නිරෝගිකම නොමැතිවීම හා මලබද්ධය ඇතිවීමද ඉස්හොරි වැඩිවීමට හේතු වෙනවා මේ නිසා දිනපතා හැකි තරම් වතුර පානය කිරිමත්, අලූත් එළවළු, පලාවර්ග ගැනීමත් මගින් මලබද්ධය මැඩපවත්වා ගැනීමෙන් ඉස්හොරි පාලනය කරගත ගන්න හැකියාව තිබෙනවා.මෙවැනි අයට රතු කැකුළු හාලේ බත් මෙන්ම විශේෂයෙන් නිවිති, සලාද කොළ වැඩිපුර ආහාරයට එක්කර ගැනීමද වැඩ සුදුසුයි.

එසේම සැර කෑම බීම ගැනීමෙන් වැළකීමද ඉස්හොරි මර්දනයට හේතු වෙනවා. විශේෂයෙන් අච්චාරු, බලමාලූ, සෝස් වර්ග, අධික තුනපහ අඩංගු කෑම, විනාකිරි අඩංගු කෑම මෙන්ම ටින් කෑම වර්ගද අහිතකරයි.
වියළි ඉස්හොරි (කුඩුමෙන් ගැලවී යන) තිබේ නම් දිනපතා හිස පහළට දමා බ්‍රෂ් කරන්න. සියවරක් පමණ මෙසේ බ්‍රෂ් කිරිමෙන් ඉස්හොරි කුඩු ක්‍රමයෙන් ගැලවී යන්න ගන්නවා. මෙසේ බ්‍රෂ් කිරිමෙන් කෙස් මුල් වලට හොදින් ලේ ගමනාගමනය සිදුවීම නිසා හිසේ වියළි බව දුරුවන අතර ඉස්හොරි මර්දනයටද හේතුවෙනවා. එහෙත් ඔබට ඇත්තේ තෙල් සහිත ඉස්හොරි නම් (හිසේ ඇලී පවතින) මෙසේ බ්‍රෂ් කිරිම නොකළ යුතුයි.. එවැනි තෙල් සහිත ඉස්හොරි ඇති අය එසේ බ්‍රෂ් කළහොත් ඉස්හොරි තවත් වැඩිවීමට ඇති හැකියාව වැඩි.

හැමවිටම ඉස්හොරි පිරිසිදු කිරිමට ස්භාවික ද්‍රව්‍ය හෝ ස්භාවික ද්‍රව්‍ය වලින් සැකසු ආලේපන යොදා ගැනිම වඩාත් යෝග්‍ය වෙනවා. ඉන් හිස කෙස් ද ආරක්ෂා වෙනවා. විශේෂයෙන් ඉස්හොරි සදහා කොහොඹ ෂැම්පු භාවිත කිරිම බෙහෙවින් උචිත වෙනවා.
ඉස්හොරි ඇති අය ස්නානය කිරිමේ දී එකවරම හිසට වතුර දමා සේදීම නොකළ යුතුය. එසේ කිරිමෙන් හිසේ ඇති ඉස්හොරි කැබලි මුහුණට ඇස් පිහාටු මතට වැටීමෙන් ඇස් පිහාටු, අහි බැම ආදියේ කුඩු මෙන් ඇතිවන රෝග, මුහුණේ කුරුලෑ මෙන්ම, පිටේ බිබිලි ඒම හා ඒවා කැසීමෙන් තුවාල ඇතිවීමටත් ඉඩ තිබෙනවා. එහෙයින් ඉස්හොරි ඇති අය හිස පහතට නමා පළමුව හිසට පමණක් වතුර දමා තෙත් කර ෂැම්පු කර හිස සෝදා හරින්න. එවිට මුහුණට හා ඛෙල්ලට ඒවා වැටඑීම වළක්වා ගත හැකියාව තිබෙනවා. පළමුව හිස සෝදා හැර පසුව ස්නානය කරන්න.

උපුටා ගැනීමකි.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago