සති අන්තයේ අනුරාධපුර පූජා භූමියට එන්න එපා

වන්දනා කටයුතු සඳහා අනුරාධපුර පුජා නගරයට පැමිණීමෙන් වළකින්නැයි රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ඉල්ලීමක් කරයි.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වමින් උන්වහන්සේ පවසා සිටියේ, හෙට (24) සිට ඉදිරි දින 3ක කාලයක් සඳහා බැතිමතුන්ට අනුරාධපුර පූජා භූමියට පැමිණීමෙන් වළකින ලෙසය.රට පුරා ම කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යමින් තිබෙන නිසාවෙන් සෞඛ්‍ය අංශවලින් සිදුකරන ලද අනතුරු ඇඟවීම් අනුව එම තීරණය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version