ළමයින්ව නලවා ගන්න, ගේම් ප්ලේ කරන්න ළමයින්ගේ අතට මොබයිල් ෆෝන් දෙන්න එපා…!

කොවිඩ් වසංගතයත් සමඟ වැඩිහිටියන් පමණක් නෙමෙයි ළමයිනුත් නිවසට කොටුවෙලා. ඉතින් මෙවැනි කාලයක පවතින අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඔවුන් තාක්ෂණය සමඟ සටන් කරන්නේ කරට කරයි. මේ නිසා තාක්ෂණික මෙවලම් දැන් ඔවුන්ට හරි හුරුපුරුදුයි. මේ තත්ත්වය නිසා පැන නැගි ඇත්තේ බොහෝම අර්බුදකාරි තත්ත්වයක් කිව්වොත් නිවැරදියි. මෑත කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් අසන්නට දකින්නට ලැබුණු ප්‍රවෘත්ති වලින් පැහැදිලි වුණේ දරුවන් අධික ලෙස (පරිඝනක ක්‍රීඩා) ගේම් වලට ඇ’බ්බැහි වී සිටි බවයි. මේ ඇබ්බැහි වීම නිසා දරුවන් ප්‍ර’චණ්ඩකාරී ලෙස හැසිරෙන බවත්, සමහර දරුවන් දෙමව්පියන් ගේම් ගැසීමට දුරකථනය නොදුන් නිසා සිය දි’වි’නසා ගන්නා මට්ටමටම පත්වීමට තරම් ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඇත්තටම මෙවැනි තත්ත්වයකට පත්වීමට වීඩීයෝ ගේම් එක පාර කපන්න පුළුවන්.

මොනවාද මේ විඩීයෝ ගේම්ස්…

නූතනයේ කොවිඩ් වසංගතයත් සමඟ ඇති වෙලා තියෙන තත්ත්වය හමුවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන මේ විඩීයෝ ගේම්ස් සෙල්ලම් කරන එකෙන් අපේ මනසට මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන් ද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන එක වැදගත් වෙනවා.එතකොට ගොඩක්ම ප්‍රසිද්ධ විඩීයෝ ගේම්ස් තමයි ෆොර්ට් නයිට්, වල්ඩ් ඔෆ් වර්ක් ක්‍රාෆ්ට්, ක්ලැෂ් ඔෆ් කැලැන්ස්, ලීග් ඔෆ් ලෙජන්ඩ්, පබ්ජි වගේ විඩීයෝ ගේම්ස්. විශේෂයෙන්ම මේ ෆොර්ටි නයිට්,කෝල් ඔෆ් ඩියුටි වගේ ගේම්ස්වල මේ ප්‍ර’චණ්ඩත්වය නැත්නම් වෙ’ඩි තැබීම පහ’රදීම වගේ දේවල් අඩංගු වෙනවා.

හානි ගොඩයි…

මනෝ වෛද්‍ය පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙන ආකාරයට නිතරම මේ වගේ ගේම් එකක් සෙල්ලම් කරනකොට අපේ හිතේ ඇතිවෙන ත’රහාව,නුරුස්සන ගතිය වැඩි වෙන්න පුළුවන්.එතකොට ගෙදර ඉන්න අනිත් අයට තරහා යනවා වැඩි වෙලා, නුරුස්සන ගතිය වැඩි වෙලා, එපා වෙන එක පේනවා වුණාට ගේම් එක සෙල්ලම් කරන කෙනාට ඒක එච්චරම පේන්නෙ නැහැ. ඒ වගේම වල්ඩ් ඔෆ් වර්ක් ක්‍රාෆ්ට් වගේ ගේම්ස් වලදී තමන්ගේ සිරුරේ හැඩය, පෙනුම වෙනස් කර ගන්න පුළුවන් හින්දා සැබෑ ලෝකයේ ස්වභාවය නැතුව අපි හදාගත්ත ෆැන්ටසි ලෝකයක ස්වාභාවයක අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ වගේ ගේම්ස් වල අපි එවේටා කෙනෙක් වගේ, ආර්.පි. ජී එකක් හදා ගෙන ඒක තුළම ජීවත් වෙනකොට වැඩි කාලයක් වීඩියෝ ගේම් එක සෙල්ලම් කරනකොට අපිට අපි ගැන තියෙන ආත්මභිමානය ,ආත්ම ශක්තිය අඩු වෙලා දිගුකාලීනව අසන්තෝෂයක් , නොහැකියාවක් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම තමයි විඩීයෝ ගේම්ස් ගොඩක් කල් සෙල්ලම් කරනකොට විශාදිය රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.මොකද ඒකට හේතුව වෙන්නේ, විඩීයෝ ගේම්ස් බොහොම ආකර්ශනීයයි, ඇ’බ්බැහි වෙන ලක්ෂණ තියෙනවා. එතකොට වීඩීයෝ ගේම් එකේ දී සන්තෝෂයක් ලැබුණත් එයින් පිට සැබෑ ලෝකයේ අපිට ඒ වගේ ආකර්ෂණීය ,හිත උද්දීපනය වන උත්තේජනයක් නොලැබෙන නිසා අපිට ලොකු අසන්තෝෂයක් ,කම්මැලිකමක් දැනෙන්න පුළුවන්.මෙහෙම වුණාම නව යොවුන් වියේ දරුවන් විඩීයෝ ගේම්ස් වැඩිපුර සෙල්ලම් කිරීමෙන් පසු අධ්‍යාපනය ලබන්න ගියාම මතක හිටින ගතිය වගේම ,අධ්‍යාපනයට තිබෙන කැමැත්තත් අඩු වෙන්න පුළුවන්.

අධ්‍යාපනය කියන්නේ කෙලින්ම විෂය හැදෑරීමම නෙමෙයි. ගේම් එකක ස’තුරෙක්ගේ ප්‍ර’හාරයක් සොයමින් පැය ගණන් නාස්තිවෙන කාලය කියන්නේ පොතක් පතක් කියවන්න, වීඩියෝවකින් යමක් ඉගෙනගන්න සහ අත්දැකීම් ගන්න යොදාගන්න පුළුවන් කාලය. ඉතින් අධ්‍යාපනය ලබන අයට වැඩිපුර ගේම් ගැසිම කියන්නේ අධ්‍යාපනය කියන තරගයට එච්චර හොඳ දෙයක් නෙමෙයි.ඉතින්, මෙන්න මේ වගේ කාරණා ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.

යහපත් ගුණධර්ම බිඳ වැටෙනවාද?

ඉතින් මේ ක්ලැෂ් ඔෆ් කැලැන්ස්,ෆොර්ටි නයිට් වගේ ගේම් වල අධික තරගකාරිත්වයක් තියෙනවා.ඉතින් මේ වගේ නිතරම තරගකාරිත්වයක් ඇතුව ජීවත් වෙනකොට,වඩා වැඩි කාලයක් මේ ගේම්ස් පාවිච්චි කරනකොට වෙන්න පුළුවන් දෙයක් තමයි අපේ හිතේ තියෙන පරාර්ථකාමී, අනිත් අයට උදවු කිරීමේ අදහස් අඩුවෙලා ගොඩක් ආත්මාර්ථකාමී අපි දෙසටම හැරුණු අභිමානයක් ඇති වෙන එක.මේ වගේ කාරණා නිසා අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ සමාජ සම්බන්ධතා අතර යාලුවොත් එක්ක එකට ඉන්න එක, පවුලේ අය සමඟ ඉන්න එක වගේ කාලය තුළදී සුහදත්වය අඩුවෙන්න පුළුවන්. නැත්නම් අපේ හිතවත් බව අඩු වෙන්න පුළුවන්.

අනාගතයට බලපානවා…

එතකොට ඔබ හොඳටම දන්න දෙයක් තමයි අද කාලේ සාර්ථකව රැකියාව කරන්න නම් සමාජ සුහදත්වය පිළිබඳව හැකියා, කුසලතා හොඳටම තියෙන්න ඕන. සාමාන්‍ය ජීවිතයේ ක්‍රීඩා කටයුතු වලින් සහ සමාජ ක්‍රියාකාරකම් වලින් අපේ පෞරුෂය වර්ධනය වෙනවා. ඒත් වීඩියෝ ගේම් තුළ සිරවුණු අයට තමුන්ගේ පෞරුෂය හදා වඩා ගන්න සමාජය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා අඩුයි. ඉතින් ඇතැම්විට වීඩියෝ ගේම් එකෙන් තරු පිට තරු අරගෙන, හොඳ මෙඩල් ගන්න සුපිරි ගේමර්ස්ලා කියන්නේ මූණ බලන් වචන දෙකක් කතාකරගන්නත් බැරි තරම් සබකෝලය තියෙන උදවිය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆොර්ටි නයිට් වගේ ගේම්ස් වල,කෝල් ඔෆ් ඩියුටි වගේ ගේම්ස් වල අධික ප්‍රචණ්ඩත්වයක් තියෙන එක දිගු කාලයක් ඇති වුණහම දිගුකාලීන පෞරුෂත්ව වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්.

විශේෂයෙන්ම මේ වගේ ගේම්ස් දිගටම සෙල්ලම් කිරීමෙන් ආත්මාර්ථකාමීත්වයෙන් යුක්ත ආවේගශීලී පෞරුෂත්වයක් ඇති වෙන්න පුළුවන්.ඒ වගේම ගොඩක් වේලාවට නව යොවුන් වියේ දරුවන් භාවිත කරන ගේම් එකක් තමයි පබ්ජි කියන්නේ. ඒක ගොඩක්ම ආකර්ෂණීය නිසා ඒක පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගත්තත් ටිකෙන් ටික ඒකට වහල් වෙලා ඇබ්බැහි වීමක් සිද්ධ වෙන්න පුළුවන්.ගේම් එක සෙල්ලම් කරන කෙනාට ගොඩක් වේලාවට මේක ප්‍රශ්නයක් නෙමෙයි.‘මේක මට ඕන වේලාවක නවත්තගන්න පුළුවන්‘ කියලා ඒ ප්‍රශ්නය මග අරින්න ඉඩ තියෙනවා.හැබැයි හැමවෙලේම ගේම් එක සෙල්ලම් කරනවා,පන්ති වලට යන්නේ නැහැ, අධ්‍යාපන කටයුතු මඟහැරිලා හැකියා කුසලතා ටිකෙන් ටික මඟ ඇරිලා යනවා ගෙදර ඉන්න අනිත් අයට පේනවා.නමුත් ගේම් එක සෙල්ලම් කරන කෙනා ගේම් එක ඇතුළේ ඉඳන් ඒක දිහා බලන නිසා මේ ප්‍රශ්නය මඟ ඇරිලා එයා මේක ප්‍රශ්නයක් විදියට දකින්නේ නැති වෙන්නත් පුළුවන්.

එක දවසක්වත් සෙල්ලම් කරන්න එපා…

ඉතින් වෛද්‍ය මතයට අනුව එවැනි ඇබ්බැහිතාවය වැඩි වීීඩීයෝ ගේම්ස් එක දවසක්වක් සෙල්ලම් කරන්න එපා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. හෙරෝයින් වගේ ම ‘ත්ද්‍   රව්‍ යයක් එක පාරක් පාවිච්චි කළත් එයට දැඩි ආකර්ෂණයක්, ඇබ්බැහිවීමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ගේම් එකක් සතුව නිකොටින් හෝ ඇ ‘ල්කො ‘හොල් වැනි එයට නැවත ඇදගන්නා විශේෂ දෙයක් නැතිමුත්, ගේම් නිපදවන්නන් ගේම් එකක් වෙත ආ කෙනෙක්ට ලේසියෙන් හැරිලා යන්නට දෙන්නේ නැහැ. ඔවුන් එක් ගේම් එකක් හමාර වූ පසු තව දෙක තුනක් ගේම් රිලීස් කරනවා. ඒ වගේම ගේම් වල තියෙන වැඩ කටයුතු සහ තීව්රතාවයත් එන්න එන්නම වැඩි කරනවා. අන්න ඒ නිසා මේ වීඩීයෝ ගේම්ස් එක පාරක්වත් භාවිත නොකර සිටීමෙන් දිගුකාලීන සාර්ථකත්වය, පෞරුෂත්ව සංවර්ධනය, මානසික සමබරතාවය පවත්වා ගන්න පුළුවන්. ඉතින් බොහෝ වේලාවට මෙවැනි ආකර්ශනීයභාවයෙන් ඉහළ වීඩීයෝ ගේම්ස් වලට ඇබ්බැහි වන්නේ නව යොවුන් වියේ දරුවන් හා තරුණ පිරිසයි.ඉතින් ඇ’බ්බැහි කරවන සුළු විඩීයෝ ගේම්ස් භාවිත කරන්නේ නැතුව වීඩීයෝ ගේම්ස් පිළිබඳ හොඳින් දැනගෙන සිටියොත් අපිට අපේ මනස රැකගෙන ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් මේ කාරණා ගැන ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වුණොත් ඉදිරියට ඇති වෙන්න පුළුවන් මානසික සංකූලතා නැති කරගන්න එක එතරම්ම අපහසු නැහැ.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මියුරු චන්ද්‍රදාස, රාගම වෛද්‍ය පීඨය
මධුභාෂිණී බොරලුගොඩ

Exit mobile version