ගොසිප් පුවත්

කටාර් සමඟ QS රැකියා අවස්ථා ගැන සාකච්ඡා

කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන් සඳහා රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණ සමීක්ෂකයින් මැදපෙරදිග කලාපයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2016 වසරේ සිට ගත වූ කාලය තුළ මන්දගාමී අයුරින් ක්‍රියාත්මක වී තිබෙනවා.

ඒ අනුව ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය හා කටාර් රාජ්‍යයේ නියෝජිතයින් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානයට ලක් වුණා.

මින් පෙර රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා වෘත්තික පුහුණුව සම්බන්ධයෙන් වන නිර්දේශිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ලංකාවට දැනුම් දී තිබුණා.

නමුත් මෙරටින් ඉදිරිපත් කර තිබුණේ ආයතන තුනක් සම්බන්ධයෙන් වන වාර්තාවක් පමණක් බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා.

එහිදී ඉන්දියාව ආයතන 50ක් හා මාලදිවයින ආයතන 40ක් නම් කර තිබුණු බව සඳහන්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ නිර්දේශවල යම් දුර්වලතා හේතුවෙන් මෙම රැකියා අවස්ථා අහිමි වී ඇති බව වැඩිදුරටත් අනාවරණය වුණා. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post කටාර් සමඟ QS රැකියා අවස්ථා ගැන සාකච්ඡා appeared first on Colombo Times.

Back to top button